corona-vi

කොවිඩ් වැළඳුණු පුද්ගලයන්ට ලිංගික ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ඇති නමුත්, කොවිඩ් එන්නත ලබා ගැනීම තුළ ලිංගික බෙලහීනතා ඇතිවන බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ලිංගික ක්‍රියාවලියේ සහ දරුඵල අඩුවීමේ සංකූලතා මඟ හරවාගැනීම සඳහා කඩිනමින් කොවිඩ් එන්නත්කරණයට යොමුවන ලෙසද වෛද්‍යවරයා ඉල්ලා සිටියි.

දරුවන්, ගර්භිණී කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයන් ඇතුළු සියලු දෙනා සඳහා කොවිඩ් මර්දන එන්නත නිර්දේශිත බැවින් එය ලබා ගැනීම සඳහා අනවශ්‍ය බියක් ඇති ඇති කර නොගත යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Similar Posts