curfew

සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කිසියම් ආකාරයකට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවන් භාවිතයේදී සිදු වන අතපසුවීම් නිසා මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ආරක්ෂා කරන්නේ නම් මෙම තත්ත්වය මඟහැර ගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පුද්ගල ඒකාරාශී වීම්, ආයතන තුළ පවත්වන උත්සව හා රැස්වීම් යනාදිය හේතුවෙන් කොවිඩ් අවදානමක් මතුව ඇතැයිද, එවැනි කටයුතුවලින් හැකි තරම් ඈත්ව සිටිය යුතු යැයි ද ඔහු කියා සිටියේය.

Similar Posts