sugerrice

හාල් සිනි ඇතුළු භාණ්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග  ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත.

මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙළද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි වනු ඇත.

හාල් සිනිවලට අමතරව අල, බීළුනු, පරිප්පු,සැමන්, වැනි ද්‍රව්‍යවල මිල ගණන්ද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිළිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මෙසේ හාල් සිනි ඇතුළු භාන්ඩ මිල මෙසේ ඉහළ යාමේ තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

භාණ්ඩ මිල මෙසේ ඉහළ ගියද තම අදායම් තත්වයන් ඉහළ ගොස් නොමැති බවත් එම තත්වයන් මත මේ වන විට තමන්ට ජිවත්විමද ප්‍රශ්නයක්ව පවතින බවද එම පිරිස් පවසති.

භාන්ඩ මිල මෙසේ ඉහළ යාම් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ වෙළදුන් පවසනුයේ මේ වන විට හාල් සිනි ඇතුළු භාන්ඩ රාශියක තොග මිල ඉහළ යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

 

times in sri lanka

Similar Posts