කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ‘කොරෝනා වයිරසයේ මුල් කාණ්ඩය’ ආසාදනය වූ අයට වඩා වයිරස් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර එමඟින් ඔවුන් හරහා ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ බවයි. චීනය සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමෙන් පසුව නිරෝධායනය කරන ලද පුද්ගලයින් 62 දෙනකු මෙම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලද අතර, කාලයත් සමඟ එය වෙනස් වන්නේ…
Read MoreTag: corona death
එන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා
එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
Read Moreතවත් කොවිඩ් මරණ 9ක්
කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.
Read Moreකෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ් මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වීමත් සමගයි.
Read Moreමිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම
අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ. මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත. කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් අන්තරාකාරී අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය ඉතා පැහැදිලිව පරිසර පනතේ සදහන්ව ඇත. අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට එම අපද්‍රව්‍යක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස රජය දැනුවත් කරන ලෙස අප සංවිධානය…
Read Moreකොවිඩ් මරණ භූමදානය නුසුදුසු බවට විශේෂඥයින් කියයි
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමෙන් එම වෛරසය භූ ගත ජලයට එක්වීමේ අවදානමක් ද පැවතිය හැකි බවට විශේෂඥයින් මත පළ කරනවා. මෙම වෛරසය අප ජලයේ ඇති බවට ලොව පුරා සිදුකළ පරීක්ෂණවලදි දැනටමත් තහවුරු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පිළිබඳ ශ‍්‍රී ලංකාව තුලදී ද, විශේෂ සොයා බැලීමක් සිදුකළා. මෙරට ජනතාව බහුල වශයෙන් ළිං ආශ්‍රිතව තවදුරටත් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා බැවින් පවතින තත්ත්වය අවදානම් බවයි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිලිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කළේ.
Read Moreතවත් කොවිඩ් මරණ හතරක්. දෙදෙනෙක් නිවසේදී මියගිහින්.
කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගම මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් ඇති පුද්ගලයින් අතර තිදෙනෙක් කාන්තාවන්ය. ඔවුන්ගේ වයස පිළිවෙලින් 42 (මාලිගාවත්ත), 69 (මාලිගාවත්ත) සහ 88 (ගණේමුල්ල) වේ.පිරිමි පුද්ගලයා 67 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. ඇය කලක් තිස්සේ හෘදයාබාදයකින් පෙලී ඇත. මරණයට හේතුව ලෙස හදුනාගෙන ඇත්තේ හෘදයාබාදක් සමගින් කොරෝනා ආසාදනයයි. මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඇය දීර්ඝ කාලයක් රෝගාබාධ රාශියකින් පෙලී ඇත. මරණයට හේතුව…
Read Moreමෝදරින් 30වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස් ඇති එම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකි.
Read Moreකොරෝනා රෝහලකින් සහ නිරෝධායනයෙන් ගෙදර ආ දෙදෙනෙකු මරුට
පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිරෝධායනය කාලසීමාව අවසන් වී නිවස බලා යමින් සිටියදී මියගොස් ඇතැයි පුත්තලම පොලිසිය සඳහන් කරනවා. පුත්තලම සේවා මාවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකු පසුගිය 4 වැනිදා රාත්‍රියේ මෙසේ මියගොස් ඇති අතර මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ දී හමු වී තිබේ. පුත්තලමේ ආපන ශාලාවක සේවකයෙකු ලෙස කටයුතු කරන ඔහුට එහිදී කොරෝනා ආසාදිතයෙක් හමුවූ බව හෙළි වීමෙන් පසු හෝටලයේ සියලු දෙනාම නිරෝධායට යොමු කර ඇත්තේ ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේම බවයි පැවසෙන්නේ. පසුගිය 4 වැනිදා එම කාලය අවසන් කිරීමෙන් පසු නිවෙස බලා යමින් සිටි නමුත් ඔහු නිවසට පැමිණ නැති බව…
Read More