මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්

ranil

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා) සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන…

Read More

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

poya

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ. වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව සඳහන් ය.

Read More

කාබනික පොහොර යොදන ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක්

pohora

2022 – 23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. පසුගිය කාලයේ මෙන් අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කිරීමට මෙම මහ කන්නයේ දී කිසිවෙකුටත් ඉඩ නොලැබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රජය රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර ඇති…

Read More

“සමාජ මාධ්‍ය පාලනය නොකර ඉන්න බෑ” – ජනමාධ්‍ය ඇමති

social-media

පාර්ලිමේන්තුවේ ස්වයං විනයක් නැතිව තිබිය දී සමාජ මාධ්‍යයට ස්වයං නියාමනයක් පවත්වාගෙන යාමට දියුණු රටවල මෙන් අපේ රටට නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය. මාධ්‍ය වාරණය කිරීම හෝ සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි. මාධ්‍ය සංවිධානන, සිවිල් ක්‍රියාකාරිකයන් සහ ප්‍රධානන සමාජ මාධ්‍ය ජාල ආයතන අතර රජයේ ඒකබද්ධ නියාමන ප්‍රතිපත්තියක් සැකසීමට සියලු රටවල් පිළිගෙන ඇති නියාමන ප්‍රතිපත්තියක් සකසන්න කටයුතු කරනවා. සමහර ආගමික, වාර්ගික ගැටලු ඇතිවන සහ පුද්ගලයන් අතර ගැටුම් ඇතිවන දේ ගැන නියාමනයක් තිබිය යුතු බව ලෝකයම පිළිගන්නවා. එවැනි නියාමනයක් මිස පාලනයක් අවශ්‍ය නෑ” වත්මන් විදේශ ඇමති අධිිකරණ ඇමති ලෙස සිංගප්පූරු…

Read More

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක්

desaguna

ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි. දේශගුණික විපර්යාසයන් හා ආර්ථිකයට අදාළ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය පැවැත්විණි. කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් ජය ගැනීමේ ක්‍රියාවලියේදී සියලුදෙනා සාමූහිකව එක් විය යුතු බව පැවසූ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාව…

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Read More

UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මතයි

unhr

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි.ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. ඡන්ද විමසීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ  දක්වමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමීප මිතුරෙකු මෙන්ම සමීප හවුල්කරුවෙකු බවත් වත්මන් අභියෝග හමුවේ මෙම යෝජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින අභියෝගවලට මුහුණ දීමට…

Read More

නවරාත්‍රි පුජාව හා නවරාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන්

නවරාත්‍රි පුජාව හා නව රාත්‍රි උත්සවය ඉතා උසස් ආකාරයෙන් හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා ජාතික පාසැලේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරුවරුන් සිසුවියන් විසින් මෙම පුජාව හා උත්සවය පවත්වන ලදි. නව රාත්‍රි පුජාවන් පිලිබදව පවත්වන ලද තරගාවලියේන් ජය ගත් සිසුවියන් සදහා සහාතික පත් ලබා දිමද මෙහිදි සිදු කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා

Read More

අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්

train

අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල පමණක් එම දුම්රිය නතර කෙරෙන අතර, අනතුරුව පස්වරු 1.00ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත ළඟාවීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 09 දා පස්වරු 5.00ට අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන සුඛෝපභෝගි දුම්රිය එදින රාත්‍රි…

Read More

සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

sanjeewa-wimala

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති සංජීව විමලගුණරත්න, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ දේශීය කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස මෙයට පෙර කටයුතු කර තිබිණ. පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයේත් විධායක නිලධාරියකු ලෙස වසර 20 කට ආසන්න කාලයක අත්දැකීම් ඇති ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ උපදේශකවරයකුලෙස ද කටයුතු කර තිබේ. සංජීව විමලගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන…

Read More