දියණියගේ රන්භාණ්ඩ සොරකම් කළ මව පොලිසියට බොරු පැමිණිල්ලක් කරයි.

මීගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය පාර, බෙරුකැටිය, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් තම නිවසට කොරෝනා මර්ධන නිල නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට පැමිණිල්ල සිදුකළ කාන්තාව විසින්ම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. එමෙන්ම  සොරකම් කර තිබූ මුදල් සහ රන් ආභරණ සියල්ල සහ සැකකාරිය සමග (23) දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සොරකම සිදුවූ…

Read More

දෙල්කඳ ගිනි ගනියි

delkada

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය  අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම  ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි  දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමත් සමග ඇති වූ ගින්නකින් සුඛෝපභෝගී මෝටර් රථය සහ ලොරි රථය සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇත. මෙම අනතුර ඊයේ (10) වන දින රාත්‍රී 11.30 ට පමණ සිදුව ඇති බවත් කාර් රථයේ රියදුරුට වේගය…

Read More

උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.

baby death

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි. අනුරාධපුර පොලිස්වසමේ ශ්‍රාවස්තිපුර ඉහළ වැව අළුත්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ගුරුවරියක විසින් දින පනහක් පමණ වන බිළිදියට තියුණු ආයුධයකින් ගෙළට කොටා මරාදමා තිබෙන බවත් අනතුරුව ඇය මාර්ගයේ ගමන් කළ බස් රියක නැගී ගල්නෑව පොලිසියට ගොස්…

Read More

දෙදෙනෙකුට මරු කැඳවු දඩයක්කරු රිමාන්ඩ්

සතුන් මැරීම සදහා බදින තුවක්කු දෙකක් සවිකර විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට හා ගුවන් හමුදා සෙබළෙකුට දිවි අහිමි කරමින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දඩයක්කරුවෙකු ලබන මස (6දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු නාලක සංජය ජයසූරිය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ උට්ටිමඩුව පෙරිමියන්කුලම පදිංචි 62 හැවරදි දඩයක්කරුවෙකි. සැකකරු (24දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරික්ෂාකාරි ක්‍රියාවකින් සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය දෙකක් සිදුකිරීම(ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය) සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය. දිය බීමට පැමිණෙන වන සතුන්ට…

Read More

පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!

sri jayawardanapura

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ  වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ පිළියන්දල, මාවිත්තර, ප්‍රදේශයේ පදිංචිව සිටී දෙදරු පියෙක් වන එන්.ජී.සී.කේ ගමගේ නැමැති (55) වැනි වියේ පසුවූ ව්‍යාපාරිකයෙක් වන බවත් පොලිසිය පවසයි. පොලිස්…

Read More

පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!

durgs

නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට  පොලිස්  සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට  අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් සිර මැදිර අසලට පැමිණ ඇත. ඇය විසින් සැමියාට අනුරාධපුර බන්ධනාගාරය තුළ අලවි කිරීමට  හෙරොයින් පාර්සලයක් ගෙන ඇත. ඉටිකොළ හා ටේප් වලින් සැකසූ කුඩා හෙරොයින් පාර්සලය සැකකරුගේ ගුද මාර්ගයේ රදවාගෙන බන්ධනාගාරයට රැගෙන යා හැකි ලෙස…

Read More

කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති අභාවප්‍රාප්ත වෙයි

police

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ජේ.එම් නිලන්ත යන නිලධාරියා ගාලු මුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇදවැටී (26) වන දින උදෑසන මියගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පැවසීය. මියගිය, පොලිස් නිලධාරියා (42) හැවිරිදි දෙදරු පියෙකු වන අතර පස්සර, මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය පැවසීය. මෙම නිලධාරියාට කලක පටන් හෘදයාබාධ රෝගී තත්ත්වයක් තිබූ බවත් බයිපාස් සැත්කමකට භාජනය වී තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි. සමීර අබේසිංහ – බොරලැස්ගමුව

Read More