ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ විය.

එහිදී අදහස් දැක්වූ ජනරජ පෙරමුණේ තරුණ අංශයේ නියෝජ්‍ය ලේකම් තීක්ෂණ ගම්මන්පිල

“මීට දින කිහිපයකට කළින් ලෝක කුසලාන තරඟාවලියේ ලකුණු පනහකට වගේ ආසන්න ගානකට අපි අවුට් වුණා. මේ තරඟයෙන් පස්සේ, රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් පාලක මණ්ඩලයට ලියුමකින් එවනවා, ඔය කට්ටියගේ සේවය වැඩක් වගේ දැන් ඉල්ලා අස් උනොත් හොඳයි කියන පණිවිඩය දෙන්න ලියුමක් යොමු කරනවා. මෙතනින් මේක තව දිගුවක් විදිහට ගිහිල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය අහෝසි කරලා දානවා. අහෝසි කරලා, ඔහු කමිටුවක් පත් කරනවා, මේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න කියලා. මේ කමිටුව පත් කරපු ගමන් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මම මේ කතා කරන්නේ රටේ දේශපාලන තත්ත්වය ජනාධිපතිවරයා දැනුම් දෙනවා මේ තීරණය සම්බන්ධයෙන් කැබිනට් එකවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහවත් දැනුවත් වෙලා හිටියේ නෑ කියලා. ඒක තවදුරටත් ගිහිල්ලා ඊයේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් පත්කරනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙලා තියෙන ගැටළු මොනවාද? මේක සංවර්ධනය කරන්න ඊළඟ ක්‍රියාවලිය මොකක්ද කියලා හොයා බලන්න කමිටුවක් පත් කරනවා. අද මේ තත්ත්වය තමා මේ රට ඇතුළේ තියෙන්නේ.”

“ක්‍රීඩාවට සම්බන්ධ මිනිස්සු විදිහට, ප්‍රේක්ෂකයො විදිහට, ලාංකිකයෝ විදිහට අපිට දැනෙනවා මේ රටේ ක්‍රිකට් වැටෙනවා, වැටෙමින් පවතිනවා කියලා මීට අවුරුදු කිහිපයකට කලින්. හැබැයි ඒකේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ තමයි මේ රටේ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කමිටු දාන්නේ, ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයා මේ වෙනස්කම් කරන්නෙත් මේ උච්චතම අවස්ථාවට ආවට පස්සේ තමයි. හැබැයි ඊට කලින් කිසිම ප්‍රතිකර්ම ගත්තේ නැහැ. කිසිම අලුත් ක්‍රියාවලියක් හදන්න සිස්ටම් එකක් හදන්න මූලිකත්වය ගත්තේ නැහැ. මේක විශාල ගැටළුවක් තියෙනවා. මේ වගේ ගිහිල්ලා, ලෝකෙම ඉස්සරහ, අපි දණ ගැහුවට පස්සෙ ද මේ වගේ තීරණ ගන්නේ කියන එකත් අපිට දැනගන්න අවශ්‍යයි.”

“දැන් ක්‍රිකට් බලන එක පැත්තක තියලා හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයයි දැන් අලුතෙන් දාලා තියෙන මේ අර්ජුන ප්‍රමුඛ කට්ටියයි ඒ දෙගොල්ලන්ගේ මැච් එක බලන්න තමයි අපේ ප්‍රේක්ෂකයන්ට වෙලා තියෙන්නේ. මේ කරපු වෙනස ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ වෙලා ඇත්තටම ක්‍රිකට් හදන්නද ඒ නම් ලැයිස්තුව පත් කළේ? මම දැක්කා මේ නම් ලැයිස්තුව ඇතුලේ අපිට විශ්වාස කළ හැකි එක පුද්ගලයෙක් ඉන්නවා ඒ අර්ජුන රණතුංග. හැබැයි අනිත් ඒවා බලද්දී මේ විජේදාසගේ පුතා මේක ඇතුළේ මොකක්ද කරන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකත් මේ දේශපාලනයද කරන්නේ? මේ රටේ මිනිස්සු මෙච්චර හෙම්බත් වෙලා, බංකොලොත් වෙලා, කන්න බොන්න නැති වෙද්දි ක්‍රිකට් හින්දා හිත හදාගත්ත, සතුටු වෙච්ච ජාතියක් මේ ශ්‍රී ලංකාව කියන්නේ. ඒක ඇතුලේ දේශපාලනය කරනවා කියලා තමයි අපිට දැනෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ගැන කිසිම පැහැදීමක්, අපිට නෑ. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ටත් නෑ. ක්‍රිකට් රසිකයන්ටත් නෑ”

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ විධායක සභික, සමාජ ක්‍රියාකාරිනී, නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන්

“අපි දැක්කා පහුගිය ලෝක කුසලාන තරඟාවලිය තුළ අපේ රට කණ්ඩායමක් විදියට තරඟ කරනකොට ලකුණු පනහට, පනස් පහට අවුට් වෙච්ච අවස්ථා. එක අවස්ථාවකදී එහෙම වෙනකොට, ඉතිහාසයේ ගොඩක්ම මං හිතන්නේ අපි දුක් වෙච්ච අවස්ථාවක් තමයි හැමෝම ලකුණු පනහට අවුට් වෙච්ච එක. හැබැයි එහෙම කියලා ඊළඟ මැච් එක මේගොල්ලෝ හොඳට ගහයිනේ කියලා හිතලා බලනකොට, ඒ මැච් එකත් ඒ විදිහට වෙනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ ක්‍රීඩකයො මේ තරම් ලැජ්ජ නැති විදිහට අවුට් වෙන්නේ කියලා. එතකොට මේ විදිහට උනාට, මේ විදියට පරාද උනාට අපි දැක්කා මේ අපේ ක්‍රීඩකයන්ට මේ ගැන කිසිම දුකකුත් නෑ. කිසිම පසුතැවීමකුත් නෑ. මොකද අපේ ක්‍රීඩකයන්ගෙ ඔලුවේ තියෙනවා ක්‍රිකට් ගහලා අපිට සල්ලි හම්බෙන්නෙ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නෙමෙයිනේ. අපිට ක් රිකට් එකෙන් තමයි සල්ලි හම්බෙන්නේ. ඒක හින්දා අපි ගැහුවොත් අපි හම්බ කරගෙන අපි කනවා. ඒ නිසා ඒකට අපි උත්තර දෙන්න අවශ්‍ය නැහැ කියලා. දිනුවත්, පැරදුනත් සල්ලි හම්බවෙනවා කියලා.

රටේ ක්‍රිකට් කණ්ඩායමට මේ ක්‍රීඩාව පවතින්නේ ක්‍රිකට් බලන මිනිස්සු හින්දා. ටිකට් එකක් මිලදී අරගෙන, ක්‍රීඩාගාරයට ඇවිල්ලා ක්‍රිකට් නරඹන මිනිස්සු හින්දා. එහෙම එන්න සල්ලි නැති මිනිස්සු ටීවී එකෙන් ක්‍රිකට් බලනවා. ප්‍රේක්ෂකයෙක් විදිහට දායකත්වය දක්වනවා. එතකොට යම්කිසි ක්‍රීඩාවක් විතරක් නෙමෙයි ඕනම දෙයක් ප්‍රසිද්ධ වෙන්නේ ඒකට ප්‍රේක්ෂකයන් ඉන්නකොට. දේශපාලන පක්ෂයකට වුණත් ඒක පොදුයි. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපේ ක්‍රිකට් කණ්ඩායම හිතනවා අපිට රටකට, රටේ ඉන්න ප්‍රේක්ෂකයන්ට උත්තර දෙන්න අවශ්‍ය නැහැ කියලා. වාසනාවකට අපේ රටේ ක්‍රීඩා ලෝලියෝ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අය ඉන්දියාව වගේ රටවල් වල නම් එකක් පරාද උනහම අපි දැකලා තියෙනවා ක්‍රීඩකයන්ට කොච්චර අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වෙනවද කියලා. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ දේපළවලට පවා හානි සිද්ධ වෙනවා. හැබැයි අපේ අපි හැමදාම නෑ. හෙට දවසේ ඒගොල්ලෝ හොඳට එක ගහයි. කියලා සුබ සිහින දකිමින් ඉන්න ක්‍රීඩාලෝලියෝ තමයි අපිට ඉන්නේ. ඒ අතින් බලපුවහම අපි හරිම ප්‍රශස්ත විදිහට මේ ක්‍රීඩාව ජය පැරදුම මොකක් උනත් අපේ ක්‍රීඩකයන්ට සළකන විදිහට අපේ ක්‍රීඩකයො සම්බන්ධයෙන්, අපේ රටේ මිනිස්සු සම්බන්ධයෙන් අදහස් දක්වන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ගන්න වරප්‍රසාද, අපි දකිනවා කෝටි ගණන් මුදල් මේගොල්ලන්ට හම්බවෙනවා. යම් යම් වරප්‍රසාද හම්බවෙනවා. මේ වරප්‍රසාදවලට සාපේක්ෂව ඔවුන් අපිට පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න ඕනේ. ඔවුන්ට මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉස්සර ගහනකොට ස්ට්‍රැටජික් ප්ලෑනර්ස්ල හිටියේ නෑ. හැබැයි දැන් එකක් ගහනකොට ඒ එක කරන්න වෙනමම වැටුපක් ලබාදීලා පුද්ගලයෝ තියලා තියෙනවා. ඉතින් හැබැයි අපි හොඳට සෙල්ලම් කළා. මෙහෙම කෝටි ගණන් වියදම් කරපු නිලධාරියෝ නැතුවත්.”

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ විධායක සභික ලුක්ෂාන් තංගරාජා

“ක්‍රිකට් මැච් එකක් තියෙද්දි ලංකාවේ උතුරේ ඉඳන් දකුණේ වෙනකන් හැමෝම එක විදිහ ආදරේ කළා. ඇත්තටම මොන ප්‍රශ්න තිබ්බත් තමන් මැච් එක බැලුවේ මැච් දිනන්න ඕනේ. ලංකාව දිනන්න ඕනේ කියන අර අභිමානය. ඒ වගේ දැන් මමත් ක්‍රීඩකයෙක්. අපි නියෝජනය කරන්නේ වෙනත් ක්‍රීඩාවක්. හැබැයි ලංකාව කියන දේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිකට් හින්දා. ඒ කියන්නේ අනූ හයේ අපි දිනපු හින්දා තමා රට ලෝකය ඉස්සරහට යන්න ඉතින් ඒ වගේ තිබ්බ අභිමානයක් තිබ්බ රටක් ආපස්සට මේ වගේ ක්‍රීඩාවකින් වැටෙනවා කියන්නේ ප්‍රශ්නයක්. ජය පරාජය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ඒත් අපි පාසල් කණ්ඩායමක්වත්, ගමේ හැන්දෑවට සෙල්ලම් කරලා ආසාවට සෙල්ලම් කරන කණ්ඩායමක්වත් නෙවෙයි අපි මේ ලෝක කුසලානයක් රට නියෝජනය කරලා තමා සෙල්ලම් කරන්නේ එතකොට ක්‍රිකට් ගහන්න ආසාවෙන් ගොඩක් කට්ටිය ඉන්නවා. ක්‍රිකට් බෝලයක් හීනයක් වෙච්ච, ගොඩක් ළමයි ඉන්නවා. ලංකාවේ විවිධ හැබැයි හැමෝටම තියෙන, මට විතරක් නෙමෙයි මේ හැමෝටම තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ලංකාවේ ක්‍රිකට් ගහන්නේ ගාල්ල, කොළඹ, නුවර විතරද? අනිත් පැතිවල ක්‍රීඩකයො නැද්ද? ඒක අපිට ඇත්තටම තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකට මේ අලුතෙන් පත්වුන කමිටුව හරි, මොකක් හරි විසඳුමකට එයි කියලා මොකක්හරි එකක් හදයි කියන විශ්වාසය තියෙනවා. මොකද ගොඩක් දක්ෂ ක්‍රීඩකයො ඉන්නවා ලංකාවේ හතර වටේ. හැබැයි මේකේ ප්‍රමුඛතාව යන්නේ එක පළාතකට නැත්තං එක දිස්ත්‍රික්කයකට නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ක්‍රීඩකයෝ දැන් මේ සංචිතය වුණත් ක්‍රීඩකයෙක් injured වුණාට පස්සේ එයාට Replacement එක කවුද කියලා අපිට කියන්න බෑ.”

“යාපනේ ඉදන් ගාල්ල වෙනකන්ම ක්‍රීඩකයො ඉන්නවා. පහුගිය අනූ හයෙන් පස්සේ අවුරුදු පහළොවක්, පහළවකට අධික කාලයක් තිස්සේ ඔය මුරලිලා, මහරුෆ්ලා, ආර්නල්ඩ්ලා වගේ ක්‍රීඩකයො නැතිවෙන්න හේතුව මොකක්ද කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද යාපනයේත් ක්‍රීඩකයෝ ඉන්නවා. නුවරඑළිය, බදුල්ල වගේ ප්‍රදේශවලත් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොලැබෙනවද, නැත්නම් මොකක් හරි බාධකයක් තියෙනවද කියන එක චුට්ටක් හොයලා බලන්න ඕනේ. ඇත්තටම ඒ පැති වලිනුත් ක්‍රීඩකයෝ එනවා නම්, මේ ක්‍රීඩාව දියුණු වෙයි.”

Similar Posts