දෙපා අහිමි ගාල්ලේ මිනිසෙක් පොළව උඩ මෙන්ම පොළව යට ද ගස් උඩ, බිම පමණක් නොව වාහනද පදවමින් අපුරු හපන් කම් දක්වන මේ මිනිසා සත්තකින්ම දක්ෂයෙකි.

පොළවේ මතුපිට සිට පොළව යටට ගමන් කරන දෙපා අහිමි මිනිසා නමින් ආදරණිය නාමයෙන් හඳුන්වන මේ කතාන්දරයේ සරත් මාපලගම මහතා මෙම වික්‍රමය මේ තාක්ෂණය සිදු කරන දැනට ලංකාවේ සිටන පළමු පුද්ගලයා විමද විශේෂත්වකි.

පෙර කීපරිදි අපේ මේ කතාන්දරයේ කතා නායකයා අමුතුම මිනිසෙකි.ඒ සරත් මාපලගම මහතා වයස අවුරුදු 64 ක් පමණ වු මිනිසෙකි.දෙපා අහිමි මේ දෙපාවා (දෙපාවා යනු මිනිසා) විශ්මිත කටයුතු කරන පුදුම හපනෙකි.

ගාල්ල,ඉමදුව,කෝදාගොඩ ගමේ ජීවත්වන මේ මිනිසා පොළව මතු පිට සිට පොළව ඇතුලතට අඩි 100 ක් අඩි 150 හෝ අඩි 200ක් පමණ ගමන් කරන සුවිශේෂ වු මිනිසෙකි. ඒ නළ ලිං සකසා පිරිසිදු පානීය ජලය නිවසේ ජල ටැංකියටම ගෙන එන්නට සරත් මාපලගම මහතාට වැය වන්නේ ඉතා කෙටිකායකි.

සරත් මාපලගම මහතාට උපතින්ම කකුල් පිහිටා තිබුන ද 1992 දී ගාල්ලේ  දී සිදු වු අනතුරකින් සරත් මාපලගම මහතාට තම දෙපා අහිමි වුයේ ය. නමුත් සරත් මාපලගම මහතා  සැලුනේ නැත. දුක් වුයේ ද නැත.අහිමි වු පාද ඇතිව නව මානයක් ඔස්සේ තම ජීවිතයට පන්නරය දුන්නේය.

පාද අහිමිවන්නට ප්‍රථම තම රැකියාව වශයෙන් හෙතෙම සිදු කළේ වඩු කර්මාන්තයයි. පාද අහිමි වු විටද එම කර්මන්තය සිදුකරමින් ජීවත් වු සරත් මහතා ජීවත් වන්නට අද වන විට සුපිරි රස්වාන් රැසක් කරමින් ජීවත් වන්නේ අත් පා තිබෙන මිනිසුන්ට ද යම් ආදර්ශයකි වෙමිනි. දහ දොළොස් දෙනෙකුට රැකියාද සපයන මොහු සුපිරි වැඩකරුවෙකි.

සත්තකින්ම සරත් මහතා සිදු කරන රස්සාවන් අතරේ එක් රස්සාවක් තිබේ.ඒ නල ලිං කැණීමයි. ඒ රස්සාවට අඩියක් හාරන්නට ගත වන්නේ කෙටි කාලයකි. අඩියට ඔහු උපයන අය කරන මුදල රුපියල් දහසකි. ඒ අනුව නළ ලිං සකස් කිරිම සිදු කරන මේ මිනිසා අඩියක්ට අය කරන මුදල රුපියල් (1000) දහසකි. අඩි 100 ක්, 150, හෝ 200 ක් පොළවයටම ඇති භූගත ජලය නල මාර්ගයෙන් පොළව මතු පිටට ගන්නා වු මේ අපේ කතාන්දරයේ සරත් මාපලගම මහතා ඕනෑම පරිසයක ඕනෑම කටුක පරිසරයක මුහුදු,ගංගා,ඇළ හෝ දොළ අසල පිරිසිදු ජලය රැගෙන පානය කරන්නට හැකි පරිදි සකස් කර දෙන්නට හැකි සුවිශේෂ මිනිසෙකි.කොටස්කර වෙන්දෙසි කරන ලද කුඩා ඉඩම්වලද කුඩා පරිසරයක ඇති කුඩා ඉඩමක උවද නල ජලය පොලව මතු පිටට ගෙන එන්නට හෙතෙම සමතෙකි.

කරදිය ලවණ සහිත බිමක වුව ද අපේ කතාන්දරයේ කතා නායකයා වු සරත් මාපලගම මහතාට පිරිසිදු පානීය ජලය නල මාර්ගයෙන් පොළව යට සිට පොළව මතු පිටට ගන්නට ගතවන කාලය පැය දෙක තුනකි.මුහුදු ජලය ඇති ලබන සහිත වූ පරිසරයක වුව ද පිරිසිදු ජලය පොළව මතට ගන්නට ජල ටැංකියකට ගෙන මිනිස් ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කරන්නට ගත වන්නේ ඉතා කෙටි කාලයකි.

පොළවේ මතුපිට සිට පොළව යටට ගමන් කරන දෙපා අහිමි මිනිසා නමින් ආදරණිය නාමයෙන් හඳුන්වන මේ කතාන්දරයේ සරත් මාපලගම මහතා මෙම වික්‍රමය මේ තාක්ෂණය මේ පුදුමය දැනට ලංකාවේ සිදුකරන පළමු පුද්ගලයා විමද විශේෂත්වකි.

සරත් මාපලගම මහතා අප සමඟ අදහස් දක්වමින් මෙසේ කීය.

මම විවාකයි.මට දරුවන් 05 දෙනෙක් සිටිනවා.(කකුළ් නැති උනාට මෑන් ඒ කර්මාන්තයටත් දක්ෂයෙක් නේද ? මම නිකමට කීවේ) දු දරුවෝ පස් (05) දෙනාම විවාහ වෙලා ඔවුන්ට ද  දු දරුවන් ඉන්නවා.මම මගේ දක්ෂතාවයන් ප්‍රයෝජනයට ගෙන මේ රස්සාවල් සිදු කරනවා.

මට පාද අහිමි වෙලා වසර 38ක් පමණ වෙනවා. මම නළ ලිං දස දහසකට (10,000) ආසන්න ප්‍රමාණයක් සකස් කර දී තියනවා. අද මම නළ ලිං අඩියක් සකස් කරන්නට රුපියල් දහසක් පමණ ගන්නවා. කපන ලද අඩි සියයක් (100) එක්සිය පනහක් (150) ක් හෝ (අඩි දෙසියක්) 200ක් පමණ ගැඹුරු ළිඳක හෝ වළක හෝ සිට ගැඹුරු ස්ථානයකට ගමන් කර පොළව තුළ ඇති පිරිසිදු ජලය මා ගන්නවා.ජලයේ මඩකඩ ඉවත් කරන්ටත් හැකියි.පිරිසිදු ජලය ගත හැකියි.වකුගඩු රෝගිය පැතිරෙන ප්‍රදේශවලත් මේ ආකාරයට පිරිසිදු පානීය නිෂ්පානය කළ හැකියි.

වළ මත ඉහළ සවිකරන ලද අටිටාලයක සිට කප්පියක ආධාරයෙන් පුටුවක් ආධාරයෙන් කපන ලඳ වළකට ළිදකට බහිනවා. පිරිසිදු ජලය භූ ගතව තිබෙන ස්ථානය සොයා ගෙන ජලය ගන්න වැය වන්නේ කෙටි කාලයක් පමණයි.

මෙයට අමතරව,මතුපිට පොළවේ සිට ද පොළව ඇතුලතට ගැඹුරටම නළ ලිං සකස් කරන්නටත් මට හැකියාවක් තියනවා.කිසිදු යන්තරයක් හෝ මන්තරයක් හෝ කිසිදු උපක්‍රමයක් නොමැතිව මා ප්‍රගුණ කළ යම් වු මාගේම තාක්ෂණයක් මත මේ ආකාරයට පොළව යට භූ ගත ජලය මතු පිටට ගන්නට මට හැකියාවක් තියනවා.එය මා දැනගත් ඉතා වටිනා මු රහසක් අනුවයි මා මෙය සිදු කරන්නේ.

මෙයට අමතරව,හිස් බැරල් යොදාගෙන විවිධ නිපැයුම් සිදුකරන අතර ඒ යටතේ විල් බැරෝ තට්ටු සකස් කිරිමට ඇති හැකියාවක් මා සතුයි. මේවා මා විවිධ ප්‍රමාණයෙන් හැඩයෙන් හා විවිධාකාරයෙන් නිපැයුම් සිදු කරනවා. මේ සාත්තරය සිදුකරන ලංකාවේ කිහිපදෙනෙක තමයි දැනට සිටින්නේ මේය මා සකස් කරනවා. හැදන තරමට ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළෙද සැල් වලට මේ නිෂ්පාදය   ගන්නවා.

දුම් කබල් සකස් කරන අතර ඒ එක දුම් කබලක් රුපියල් 100 ක් තරම් වු මුදලකට උණු කැවුම් වාගේ අළෙවි වෙනවා.මගේ ගෙදරට ඇවිත් මේ නිෂ්පාදන ගන්නවා වාගේම මම වෙළෙද පොළටද රැගෙන ගොස් මේ නිෂ්පාදන විකුණනවා.

කම්මල් කර්මාන්තයේ විවිධ දේ සකස් කරන හෙතෙම කැත්ත උදැල්ලේ සිට කම්මල් උපකරණ ද නිපැයුමට දක්ෂයෙකි.වඩු කර්මාන්තයද,ගල් කැටයම්,ලී කැටයම් කලාවට ද  දක්ෂතාවයක් ඇති අපේ කතාන්දරයේ කතා නායකයා සරත් මාපලගම මහතා දෙපා නැතිව ගස් නගින්නටද දක්ෂයෙකි. ගස් නගින ආකාර 20 ක් පමණ තියනවා. ඉන් කිහිපයක් පමණ මම භාවිතා කරගෙන මේ ගස් ගනින කතාන්දරය ද රස්සාවට  සිදුකරන්නට හැකියි.

පා පැදියක් පදින්නට පාද අහිමිවුව ද යතුරු පැදි පවා පාද නැතිව පැදවිය හැකි වාහනද පදින්නට ධාවනය කරන්නට ද අපේ කාලයේ මේ අපුරු මිනිසාට හැකිය. ගමේ නගරයේ යන එන සියලුම ගමන් බිමන් රස්සාවට යන්නේද එන්නේද තම යතුරු පැදිය උපයෝගි කරගෙනයි.

මම බිම තමයි වැඩිපුරම ඉන්නේ.ගමන් බිමන් යන්න විතරයි යතුරු පැදිය ගන්නේ. රස්සාවට යන්න එන්න ද යතුරු පැදිය භාවිතා කරනවා.මට කරන්න බැරි වැඩක් නෑ.ඕනෑම වැඩක් මම කරනවා.

මම ආගම දහම අනුවයි ජීවත් වන්නේ. මට පසුගිය දවසක මාගේ මියගිය පියා සිහිනයෙන් ඇවිත් මට අපුරු වෙද කමක් ගැන කීවා.එය සකස් කරගන්න හැටි පිළිබඳවයි කීවේ.ලෝකයම ගිල ගන්නා වු කොරෝනා රෝගය සුව කල හැකි අපුරු මලක් පළිබදව කීවා.

ගසේ පස් පංගුව යොදාගෙන මෙම ඔසුව සකස් කරන්න හැකි බව මට මාගේ පියා කීවා. මෙය සකස් කරන්න මට හැකියි. යම් අනුග්‍රහකයෙක් සිටිනවා නම් මට කොරෝනා රෝගය සුවපත් කරන්නට හැකි මේ අපුරු ඔසුව නිෂ්පාදනය කරන්නට හැකියි. ජනපති, අගමැති තුමාහෝ අදාළ බලධාරියෙක් මට උපකාර කරනවා නම් මෙම ඔසුව නිෂ්පාදය කළ හැකිය සරත් මාපලගම මහතා පවසයි.

අපේ මේ කතාන්දරයේ කතා නායකයා වු සරත් මාපලගම මහතා දෙපා අහිමි වු දෙපාවෙකි.(දෙපාවා යනු මිනිසා) මේ දෙපා අහිමි දෙපාවා දෙපා ඇති අයට ද යම් අභියෝගයක් කරන්නේ යැයි සිතෙන ආකාරයටම අපේ කාලයේ සුපිරි වැඩ කරුවෙකි. දක්ෂයෙකි. හැකියාව,දක්ෂතාවය, නිපුනත්වය ඇති මිනිසෙකි.

සටහන හා ඡායාරූප  – බෝගහගොඩ : ඒ.ඩබ්ලිව්.ඒ නිමල්

Similar Posts