unusum puwath sinhala

මෙරට පවතින උග්‍ර හිගය සමහර ගෑස් අලෙවි නියෝජිතයන් විසින් නිර්මාණය කරන ලද්දක් බවට හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ දින කිපයකට පසුව මෙම ගෑස් අලෙවි නියෝජිතයන්ට යම් ගෑස් ප්‍රමානයක් ලැබුනද එම ගෑස් නගරයේ හෝටල් කිපයකට පමනක් ලබා දිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන්ට ගෑස් ලබා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.

එම තත්වයන් මත තමන්ට ගෑස් නොලැබිමෙන් තමන්ට නිවසේ ආහාර සකස් කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්වන බවත්ය.

එමෙන්ම 04වන දිනද ගෑස් අලෙවි නියෝජිතයන් සදහා ගෑස් ප්‍රමාණයක් ලැබුනද එම ගෑස්ද හෝටල් දෙක තුනකට පමනක් ලබාදි ගැස් නිමවු බව පැවසු බවත් ගෑස් ලබා ගැනිම සදහා පොලිමේ සිටි තමන්ට ගෑස් නොලැබුන බවත් තමන්ට අංක ලබාදිමද නගරයේ හෝටල් හිමියකු විසින් සිදු කල බවද ගෑස් පොලිමේ සිට ගෑස් නොලැබුන පුද්ගලයකු පවසන ලදි.

ලැබෙන ගෑස් තොග හෝටල් කිපයකට පමනක් ලබා දිමට ගෑස් අලෙවි නියෝජිතයන් මෙසේ පියවර ගැනිමෙන් තමන්ට පැය ගනන් පෝලිමේ රැදි සිට හෝ ගෑස් ලබා ගැනිමට නොහැකිවිම මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වන බවත් එම තත්වයන් මත මෙම ප්‍රදේශය තුල උග්‍ර ගෑස් හිගයක් නිර්මාණවි ඇති බවත් එම පිරිස් තව දුරටත් පවසති.

මේ පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ හොටල් හිමියන් කිපදෙනකුම පවසන ලද්දේ මෙම ගෑස් ලබා දිම තෝරා ගත් හෝටල් කිපයකට පමනක් සිදු කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් මත තමන්ට තම හෝටල් නිසි ලෙස කර ගෙන යාමට නොහැකි විමෙන් තම හෝටල් වසා දැමිමේ තත්වයන් උදාවි ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයකු පවසන ලද්දේ නගරයේ හෝටල් කිපයක් සදහා ගෑස් ලබා දිමට එම හෝටල් හිමියන් සමග ගිවිසුම් ගතව ඇති හෙයින් එම හෝටල් සදහා ගෑස් සිලින්ඩර කිපයක් ලබා දිමට පියවර ගත් බවත්ය.

එමෙන්ම හැටන් පොලිසියටද ගෑස් සිලින්ඩර කිපයක් ලබා දුන් බවත් එම තත්වයන් මත පාරිභෝගිකයන්ට අවශ්‍ය ලෙස ගෑස් ලබා දිමට නොහැකි තත්වයක් උදාවි ඇති බවද පවසන ලදි.

මෙම තත්වයන්ට මුලීක හේතුව ඉල්ලුමට සරිලන ලෙස ගෑස් තොග නොලැබිම බවද එම ගෑස් අලෙවි නියෝජිතයා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts