gov

රාජ්‍ය ආයතන වල උසස් නිල තල දරමින් දශකයට අධික කාලයක් තිස්සේ ජනතාව දැඩි පීඩාවට පත්කරනා නිලධාරින් ඉදිරි 2022 වසරේදි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පිටස්තර ප්‍රදේශවලට ස්ථාන මාරු ලබාදි රාජ්‍ය සේවයට සාධාරණය ඉටුකරනා ලෙස රාජ්‍ය නිලධාරින් පිරිසක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගෙන් ඉල්ලා සිටි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත නැගෙනහිර නුවරගම් පළාත රඹෑව යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහසුකම් සහිත ප්‍රදේශවල පමණක් සේවයේ නිරත උසස් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු ඉදිරි 2022 වසරේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැදී සිටීමට මේ වනවිට මැති ඇමතිවරුන් පසුපස යන බව ඔවුන් අනාවරණය කළහ.

පරිපාලන සේවයේ නිරත නිලධාරින් කිහිප දෙනෙකු වසර 16ට ආසන්න කාලය තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පිටතට නොයමින් පළාතේ රාජ්‍ය ආයතන වලට මාරුවෙමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට හා රාජ්‍ය සේවකයන් දැඩි අසාධාරණයන් හිංසාවන් සිදුකරනා බව පැවසූහ.

ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පලකරනා රාජ්‍ය සේවකයන් පිරිසක් මෙසේ පැවසූහ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු ඉන්නවා ඔවුන් වසර 16ක කාලයක් අත්තෙන් අත්තට පැන පැන අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැදී ඉන්නවා.

ප්‍රාදේශිය ලේකම් තනතුරේ ඉන්නවා කොමසාරිස් තනතුරකට එනවා.ආපහු ප්‍රාදේශිය ලේකම්තනතුරට එනවා අනිත් කෙනා කොමසාරිස් වෙනවා.ඉඩම් නිලධාරියෝ ඉන්නවා එකම තැන.ඔවුන් ප්‍රාදේශිය ලේකම්වරු ඉඩම් අමාත්‍යවරයටත් එහා ගිය බලතල පාවිච්චි කරන නිලධාරින් බවට පත්වෙලා.

ඔවුන්ගේ අයතා කටයුතු විශ්‍රාම යනතුරුම හොදින් ක්‍රියාත්මක කරන්න පුළුවන් තෝතැන්න තමයි අනුරාධපුරය.පසුගිය වසර 16 තිස්සේ අයතා අන්දමින් ඉපැයූ මුදල් දැන් ආයෝජනය වෙනවා.

සමහර නිලධාරින්ට අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා අනුන්ගේ නම් වලට ඉඩම් තිබෙනවා.මේවා පිළිබදව කිසිදු බලධාරියෙකු අවධානය යොමු නොකිරීම ඉතාම කණගාටුවක්.

මේ පිරිස රකින්න දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකු ඉන්නවා.පළාතේ සේවයේ නියුතු පහළ තනතුරු වල නිලධාරින්ට සේවා ලබාගන්න එන මහජනතාවට කරන අසාධාරණයන් අති මහත්.

ඔවුන් ප්‍රදේශයේ මහ සංඝරත්නයේ පිහිටි පතමින් දේශපාලඥයන්ට උසස් නිලධාරින්ට කේළාම් කියමින් ඔවුන්ගේ ඕන එපාකම් පිරිමහමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට සම්පත් බව අගවමින් රැදී සිටිනවා.

අද වෙනකොට අනුරාධපුර නගරය අටමස්ථාන පුජා භූමිය රටේ සැලසුම් සහගතම නගරය මේ නිලධාරින් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරලා.අල්ලස් දෙපාර්තුමේන්තුවේ හා තවත් ආයතන වල මේ නිලධාරින්ට එරෙහිව පැමිණිලි ගොඩ ගැහිලා නමුත් ඒවා පැවති ආණ්ඩුව විතරක් නෙමෙයි මේ ආණ්ඩුවත් පරික්ෂණ නොපවත්වමින් සගවා හොරුන්ව රැක ගන්නවා.

හොදම උදාහරණයක් තමයි අනුරාධපුර මහ නගර සභාවට අයත් නිල නිවසයක් වසර ගණනාවක් තිස්සේ අවභාවිතා වෙනවා.ඒ නිල නිවාසය භාවිතා කරන්නේ පළාත් ඉඩම් කොමසාරිස්වරයා.ඔහු නාගරික කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ කාලයේ ඉදලා තාමත් වර්ථමාන කොමසාරිස්වරයාට නිවස බාරනොදි රැදිලා ඉන්නවා.

මේ සම්බන්ධයෙන් මහ නගර සභාවේ සභා සැසිවාරවලදි නාගරික මන්ත්‍රීවරු පෙන්වා දුන්නත් නගරාධිපතිවරයා ඊට කිසිදු ක්‍රියා මාර්ගයක් ගන්නෑ කියලා මන්ත්‍රීවරු කියනවා.

මේ ආකාරයට අනුරාධපුර දිස්ත්‍රික්ය තවත් වසර පහක් ඉදිරියට ගියොත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.මේ නිලධාරින් රුපියල් කෝටි ගණනින් උපයනවා.මේවා පළාතේ බලධාරින්ට නොපෙනීම හරිම පුදුමයක්.ආණ්ඩුකාරතුමා මේවට ක්‍රියා මාර්ග ගන්න කටයුතු කරද්දි ඊට එරෙහිව කටයුතු කරන පිරිසකුත් මේ පළාතේ ඉන්නවා.

වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක වෙන්නේ සුළු පිරිසකට විතරයි.මේ නිලධාරින් 2022 වසරෙදිත්වත් පළාතෙන් පිටතට ස්ථාන මාරු දෙන්න ඕන.මේ පළාත පාලනය කරන්න පුළුවන් ඕන තරම් නිලධාරින් ඉන්නවා.මේ අය ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නෑ.බොරු බිල්ලෝ මවලා මේ පළාතේම රැදිලා ඉන්නවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

gotabaya rajapaksa

Similar Posts