ලංකාවේම ක්‍රියාත්මකවන පරිදි පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමින් සැදුම් ලත් ජංගම සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම කාලීන යුතු කමක් මෙන්ම අවහ්‍යතාවයක් බව දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ඒ.ජී.සී පියසිරි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය.

මෙය ඉතාම වැදගත් කටයුත්තක් වෙනවා. මා දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරය දරණ කාලයේ 1994 සිට මෙම කටයුත්ත ඉතා සාර්ථතකව සිදු කලා. එහි ප්‍රතිපල ඉතාම විශාලයි. මේ මගින් දකුණු පළාතේ ජනතාව විවිධ ආකාරයෙන් දැනුවත් කළා.

ඒ සඳහා පියවර ගත්තා. ගමට නගරයට යමින් ගමින් ගමට දොරින් දොරට ගොස් මේ සෞඛ්‍ය ජංගම සේවාව දියත් කළා. මෙයට විශේෂඥ වෛද්‍ය වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මහජන සෞඛ්‍ය පිරික්ෂකවරුන්,අදාල විෂයභාර නිලධාරින්,ගමේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් හා ගමට රටට ආදරය කරන පිරිසක් ද එක්ව මෙය දියත් කළා.

මේය ඉතාම වැදගත් ආකාරයට ජන සමාජයේ සමාජගත වුනා.ජනගත වුනා. සෞඛ්‍ය උපදෙස් ජනතාවගේ නිවසටම ගොස් ලබා දෙන්න හැකි උනා. උපදෙස් විතරක් නොවෙයි.රෝග සැදුනු විට එහි අදීනම කියාදෙන්නට හැකි උනා.

මේ කෝරෝනා සමයේ දි මෙමවැනි වැඩසටහනක් සෞඛ්‍ය අංශ ආරම්භ කරන්නට යන කටයුත්ත ඉතාම වැදගත් වෙනවා. මේ නිසා මේවැනි වැඩ සටහනක් අවශ්‍යතාවය අද ඉතා වැදගත් වෙනවා.මේ නිසා රටපුරා ජංගම සෞඛ්‍ය රසායානාගර සේවාවක් දියත් කිරන්නට පියවර ගන්නේ නම් ඉතා වැදගත් බව දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ඒ. ජී.සී පියසිරි මහතා පැවසීය.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්

Similar Posts