පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නවා

පැරදුනොත් දේශපාලනයෙන් සමුගන්නවා

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පැරදුනහොත් තමන් දේශපාලනයෙන් සමුගෙන පුර්ණ කාලීනව රංගනයට යොමු වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසයි. එමෙන්ම අද දින මාධ්‍ය වල පළ වී තිබු ආකාරයට තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන්නහොත් තමන් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා පවසයි. දිවුලපිටිය ආසන සංවිධායකව සිටියදි එහි සිදු…

නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට නව බදු ප්‍රතිපත්ති ක්‍රමය ඉවහල් වන බව මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. ඒම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සරල, විනිවිද පෙනෙන හා කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කිරීමේ අරමුණෙන් බදු ප්‍රතිපත්ති රාමුවක් 2019 නොවැම්බර් මස 27 වැනි දින රජය විසින් හඳුන්වා දෙන ලද අතර මෙමගින් ස්වයං…

ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්

ඉන්දියාවේ පළමු වරට නාවික කාන්තා ගුවන් නියමුවරියක්

ඉන්දියාවේ , බිහාර් හි මුසෆර්පූර් නගරයේ උපත ලැබු විසි හතර හැවිරිදි ශිවන්ගිගේ පියා වුයේ  හරිබුෂාන් සිංය. ඔහු 1982 දී තම ගමේ ගැහැනු ළමයින් සඳහා පාසලක් විවෘත කළ ගොවියෙකි. ලසුව ඔහු ඒම පාසලේ ප්‍රධානියා විය. දිනක් ශිවන්ගේ සීයා බිහාර් හි වෛශාලි දිස්ත්‍රික්කයේ බුචවාලි ගම්මානයේ හෙලිකොප්ටරයක් බැලීමට ඇයව රැගෙන ගොස් තිබුණි. ඒවකට ඇය පාසලේ හතරවැනි පන්තියේ විය….

ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කරයි

ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කරයි

යුරෝපීය නීතිය උල්ලංඝනය කරමින් මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු භාර දෙන ලෙස ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව නීතිඥවරු ප්‍රකාශ කළහ. යුක්‍රේන ජාතිකයෙකු වන වොලොඩිමියර් සෙමාක් නෙදර්ලන්තය විසින් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. 2014 ජුලි 17 වන දින මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටි යානයේ සිටි 298…

2019 ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද?

2019 ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද?

අවුරුදු ගණනාවකට පසුව ජනාධිපතිවරණයක් නිසි කළට පැවති අතර එම මැතිවරණය පසුගිය ජනාධිපතිවරණ හා සංසදන විට නිදහස් හා සාමකාමී මැතිවරණයක් වූ බවට වැඩි දෙනෙකුගේ මතය විය. මැතිවරණයට පෙර හෝ පසු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතුලූ මැතිවරණ නීති රීති උල්ලංඝණය කරවීම් සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පැවැති බවත් වාර්තා විය. එමෙන්ම මෙම මැතිවරණයේ දී පෝස්ටර්, කටඅවුට්, විශාල ප‍්‍රමාණයේ තොරන්…

ලොව ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට
|

ලොව ප්‍රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life  විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන…

කම්මූරි පිලිපීනයට ඇතුල් වෙයි

කම්මූරි පිලිපීනයට ඇතුල් වෙයි

කම්මූරි සුළි කුණාටුව අද (03) අළුයම පිලිපීනයේ ලූසොන් දිවයිනෙන් ගොඩබිමට ඇතුල් විය. කම්මූරි සුළි කුණාටුව මධ්‍යම පිලිපීනයේ ලූසොන් දිවයින ආශ්‍රිතව පැයට කිලෝමීටර් 175ක වේගයකින් හමා යමින් තිබේ. කුණාටු අවදානමත් සමඟ කලාපයේ පාසැල් වසාදමා ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබුණි. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මැනිලා ජාත්‍යන්තර ගුවන්…

government information center

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරේ

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ හා නව සැසිවාරය විවෘත කිරිමේ  අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) රාත්‍රියේ රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන්  ඔහුට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2020 ජනවාරී 3 වැනි දින පෙරවරු…

ඉකුත් දෙවර්ෂය තුල රස පරීක්ෂක වාර්තා ඉල්ලීම වැඩි වෙලා

ඉකුත් දෙවර්ෂය තුල රස පරීක්ෂක වාර්තා ඉල්ලීම වැඩි වෙලා

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සදහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයේ රස පරීක්ෂක…

ස්විට්සර්ලන්ත සිදුවිම ගැන අපක්ෂපාති පරික්ෂණයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ස්විට්සර්ලන්ත සිදුවිම ගැන අපක්ෂපාති පරික්ෂණයක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කිරිමේ  සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසන්  සභාව ඒහි සඳහන් කර ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිය කොමිසන්  සභාව දැඩි සැලකිල්ලෙන් පසුවන බවත්  මහජන විශ්වාසය ශක්තිමත් කිරීම…