කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි

කටුනායක – වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක කඳවුරු හුදකලා වෙයි

වැල්ලම්පිටිය ,වෙන්නවත්ත හා  කටුනානායක  සිවිල් ආරක්ෂ බලකා කඳවුරු දෙක හුදකලා කිරීමට පියවර ගෙන ඇත. කොරෝනා අසාදිතයින් අට දෙනකු හමු විමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මෙම 8 දෙනා අතර සේරුපිට සහ පුත්තලම කඳවුරු දෙකෙන්ද  හඳුනාගත් ආසාදිත බටයින් දෙදෙනකු අයත් වේ. සිවිල් ආක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහ මහතා මේ බව  සඳහන් කලේය.

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සිංහ දේනුවක් පැටවුන් තිදෙනෙකු බිහි කරයි

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සිංහ දේනුවක් පැටවුන් තිදෙනෙකු බිහි කරයි

රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන අප්‍රිකානු සිංහ දේනුවක් විසින් පැටවුන්  තිදෙනෙකු බිහි කොට ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්ෂක රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු හේමන්ත අමරසේකර මහතා පැවසීය. පැටවුන් බිහි කොට ඇත්තේ ‘ෂිනා’ නම් සිංහ දේනුව විසින්ය. ඉකුත් 17 වැනි දින පැටවුන් දෙදෙනෙකුද 18 වැනි දින එක් පැටවකුද ෂිනා  විසින් බිහි කොට තිබූ බව හේමන්ත අමරසේකර මහතා…

ජනපති පදවිප්‍රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද

ජනපති පදවිප්‍රාප්තියට ඉස්ලාම් ආගමික අශිර්වාද

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මතිතුමාගේ ජනපති පදවිප්‍රාප්තියට වසරක් සපිරිම හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික අශිර්වාද  ප්‍රාර්ථනා කිරිම දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේදි ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිරී මැතිතුමාගේ සහභාගිත්වයෙන්  සිදුවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් , මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නිලධාරි මවුලවි හසන් මවුලානා ඇතුළු මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් මෙම…

කොරෝනා රැදවියන්ට ජංගම දුරකථන ගෙන ගොස් වැඩ වරදී

කොරෝනා රැදවියන්ට ජංගම දුරකථන ගෙන ගොස් වැඩ වරදී

පුලතිසිපුර විද්‍යාපීඨයේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මත් ද්‍රව්‍ය විශේෂ වැරදි සම්බන්ධ ‍රැදවියන් ට ලබා දීම සඳහා  රහසිගතව ගෙන යන ලද ජංගම දුරකථන 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිඹුලාගල හා සිරිපුර පදිංචිකරුවන් දෙදෙනෙකි.සැකකරුවන් පුලතිසිපුර විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින්…

කොරෝනා ඉල්ලමෙන් කළු කඩකාරයින් උපරිම ප්‍රයෝජන ගනියි

කොරෝනා ඉල්ලමෙන් කළු කඩකාරයින් උපරිම ප්‍රයෝජන ගනියි

කොරෝනා වසංගතයෙන් බැට කන කළුතර දිස්‍ත්‍රික්කයේ ජනතාව ව්‍යාපාරික ගසාකෑමකටද ලක්ව සිටින බව ප්‍රදේශයේ ජනතාව කියති. කොරෝනා වසංගත තත්වය නිසා දිස්ත්‍රික්කයේ බොහෝ වෙළදසල් තුළට ගොස් භාණ්ඩ තෝරා මිළදී ගැනීමට නොහැකිය. සෞඛ්‍ය නීති – රීති පිළිපදිමින් බොහෝ වෙළදල් පිටත සිට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට සිදුව තිබෙි. එවිට ඇතැම් වෙළදසල් හිමියන් නියමිත ප්‍රමාණයට අඩුවෙන් භාණ්ඩ කිරීම, නරක්වූ…

පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්

පාසල් දරුවන්ට වියළි ආහාර මල්ලක්

මේ වසර නිමවීට පෙර රට පුරා දුෂ්කර පාසල් දෙසිය පනහක වැසිකිළි, කැසිකිළි පහසුකම් සපුරා එම පාසල් වලට ජලය හා විදුලිය ලබා දිමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් , ප්‍රාථමික අධ්‍යාපන , පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. පාසල් දරුවන්ගේ දිවා ආහාරවේල වෙනුවෙන් පොෂ්‍යදායී…

එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි
|

එජාපයේ දේශපාලන කටයුතු මේ සතියේ සිට අරඹයි

නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි. නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය. ඒ්…

කටුනායක බෝඩිමක 17දෙනෙකුට කොවිඩ්

කටුනායක බෝඩිමක 17දෙනෙකුට කොවිඩ්

කටුනායක ප්‍රදේශයේ 57දෙනෙකු රැඳී සිටි නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමකයි. ඔවුන්ගෙන් පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදහන් කරයි.