unp

නව කොරෝනා වසංගතයත් සමඟින් මෙරට සියලු රැස්විම්, උත්සව තහනම් විය. ජනතාව ඒක් රොක් වන අවස්ථා අවම කිරිමට සියලු දෙනාම වගබලා ගනු ලැබුණි.

නමුත් මෙම තත්ත්වය තවත් වසර තුන හමාරක්වත් පවතිනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යවරිය  පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළාය. ඒ් අනුව රටේ සියලුම වැඩ කටයුතු නවතා තැබිම සිදු නොවිය යුතු බවද ඇය ඒහිදි අවධාරණය කර සිටියාය.

ඒ් අනුව කොවිඩ් නිසා  අතරමඟ නවතා තිබු ඒක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින්   ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒහි පළමු පියවර ලෙස  නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ සතියේ දී අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්ක වල පක්ෂ ක්‍රියාකාරීන් හමුවීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ආරම්භ කිරීමේ පළමු පියවර ඉන් පසුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දිස්ත්‍රික් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස් දීමට නියමිතය.

කොවීඩ්  19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු රැසක් කල් දැමීමට තීරණය කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ  ජේෂ්ඨයින් සමග සූම් සහ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට පියවර ගනු ලැබීය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෑම දිනකම පාහේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් සමග අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

ලබන වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂය නව නිලධාරි මණ්ඩලය පත් කිරීමද ඉහත වැඩපිළිවෙල අතරතුර දී කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජේෂ්ඨයන්ට උපදෙස් දී තිබේ.

ශානිකා

Similar Posts