අයිතිය උදෙසා මාධ්‍යවේදින්ගෙන් මාධ්‍ය නිවේදනයක්

සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්  ඒ අතරම, සමාජ මාධ්‍ය භාවිතා කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා දඩමීමා කරගනිමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, මාධ්‍යවේදීන් හා සමාජය බියවැද්දීම සඳහා කටයුතු කිරීම නවත්වන ලෙසද ඒම සංවිධානය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සංවිධානය සහාය පළකරන නමුත් එහිදී, තෝරාගැනීමකින් තොරව, පොදුභාවයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කර සිටියි. විශේෂීකරණයකින් තොරව නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමක් බවද අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. එම සංවිධනයේ කැඳවුම්කාර මණ්ඩලය…

Read More

දේශීය රෙදි පිළි කර්මාන්තය නිරුවතින්

ජනවාරි පළමුවනදා සිට මෙරට අත් යන්ත්‍ර සහ බතික් රෙදි පිළි කර්මාන්තයට නව පනක් ලැබෙන, රාජ්‍ය සේවකයින්ට අළුත් හැඩක් ලැබෙන නව පනතක් ගෙන එන්නට බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් පිළිබද අමාත්‍යවරයා කටයුතු කරමින් තිබේ. පසු ගිය කාලය පුරා දේශිය රෙදිපිළි කර්මාන්තය වල පල්ලට ඇද දමින් විදේශිය රෙදි පිළි කර්මාන්තය නගා සිටුවීම හේතුවෙන් මෙරට බතික් කර්මාන්තය බොදවී අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය බලධාරීන්ගේ අත පල්ලෙන් වැටුණා. යැයි දේශීය රෙදි පිළි කර්මාන්ත කරුවන් කියති. නව ඇමතිවරයා දේශිය රෙදි පිළි කර්මාන්තයට නව සළු පිළි අන්දවන්නට ගන්නා උත්සාහ අගය කරන දේශිය රෙදි පිළි…

Read More

‘අයිස් බකට්’ පැට්‍රික් ක්වින් මියයයි

විවිධ අවශ්‍යතාවයන් සඳහා අරමුදල් රැස්කිරීමට යොදාගන්නා “අයිස් බකට් චැලෙන්ජ්” ලොවට හඳුන්වා දුන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන පැට්‍රික් ක්වින් මියගොස් තිබේ. ඔහු මියයන විට 37 හැවිරිදි වියේ පසුවිය. නිව් යෝර්ක් වැසියෙක් වන ක්වින් 2013 සිට සුව කළ නොහැකි ස්නායු රෝගයකින් පෙළෙමින් සිටි බව සඳහන් වේ. “අයිස් බකට් චැලෙන්ජ්” ඔස්සේ ALS පර්යේෂණ සඳහා ඩොලර් මිලියන 220ක් රැස් කිරීමට ඔහු සමත්විණි.

Read More

කිළිනොච්චියේ සියළුම පාසල් අද සිට යළි දැණුම් දෙනතුරු වසයි

කිළිනොච්චියේ තොණ්ඩමන් නගර් ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමගම කිළිනොච්චියේ සියළුම පාසල් අද ( 24 ) සිට යළි දැණුම් දෙනතුරු වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කොට තිබේ. උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංගෝවන් මහතා කිළිනොච්චිය කළාප අධ්‍යාපන කාර්යාලයට 23 දා සවස පාසල් නිවාඩුව පිළිබදව වූ නිල නිවේදනය එවා තිබේ.

Read More

ගැසට් හාල් කන දවස ගැන බන්දුලගෙන් ඉගියක්

සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට  පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක්…

Read More

15% ක මෙන්සස් බද්දක්

tax

සුද්දා ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත වෙනවා. ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා.  සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා.  සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට…

Read More

හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම සෑම වසරකම අපේ රට මුහුණ පාන ගංවතුර – නායයෑම් – ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා වෘත්තීය මට්ටමින් මෙම සේනාව සූදානම් කරනු ඇත. එම කණ්ඩායම මේවන විට පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් ඉදිරියේ දී යුද හමුදාවේ පාබල රෙජිමේන්තු තුළ ද මෙම සේනාවන් පුහුණු කරන බව හමුදාපතිවරයා පැහැදිලි කළේය.

Read More

ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං

winds

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයිනේ නැගනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50 අතර සුළං ඇති විය හැක. නැගෙනහිර, උතුරු, උතුරුමැද…

Read More

තවත් අමාත්‍යංශ දෙකක් !

තවත් අමාත්‍යංශ දෙකක්

නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙම තාක්ෂණ අමාත්‍යංශය ස්ථාපිත කරන බව ඒම ගැසට් නිවේදනයේ සදහන් වේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඒම අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ද ආයතන, පරිගණක හදිසි…

Read More