අසරණ මිනිස්සුන්ගේ දුක තමන්ගෙම කරගත් භාගිශ්වරි

ගම්පහ මිනිස්සුන්ගෙ දුක තමන්ගෙම කර ගත්ත දේශපාලකයෙකුට එහා ගිය උතුම් හදවතක් තියන සැබෑම කන්තාවක් කොරෝනා වලට බයේ හැංහිලා ඉන්නෙ නැතුව පාරට බැහල අසරණ මිනිස්සු වෙනුවෙන් දිවා රෑ නැතුව වැඩ කරන භාගිශ්වරි. චන්දයක් අත ලගවත් නොමැති අවස්ථාවේ උවද දේශපාලනයෙන් තොර දුනගහ අපේ ගම් වාසින් covid 19 හෙතුවෙන් රැකියා අහිමිව අසරණව සරණක් සොයන මොහොතේ මා හිතවත් “විශාරද භාගිශ්වරි ගුණසේකර” මැතිනිය අමතා අද දින 2020/11/13 මා කල ඉල්ලීම මත ඉතාම කෙටි වෙලාවක් තුළ මාගේ ඉල්ලීම ඉවත නොදමා කල මේ සහල් ලබාදීම වෙනුවෙන් ඒ ආදාර ලබාගත් සියලු දෙනා වෙනුවෙන් මාගේ හදපිරි ප්‍රනාමය ඔබ තුමියට…

Read More

ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු ඩෝසර කරයි

ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් අනුරාධපුර ආයුර්වේද රෝහල් ඉඩමේ පිටිපස කොටස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ රියදුරෙකු විසින් ඩෝසරයක් යොදාගෙන ශුද්ධ පවිත්‍රකර වැටක් ඉදිකර තිබෙන බව රෝහලේ කාර්ය මණ්ඩ‍ලයේ සේවක සේවිකාවන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර අනාගාරික ධර්මපාල මාවතේ උසාවිය ඉදිරිපිටින් ශික්ෂන රෝහලේ මෘත ශරිරාගාරයට පිවිසේන අතුරු මාර්ගයට යාබදව අයුර්වේද රෝහල් භූමියේ අවසන් මායිම් සීමාව පිහිටා තිබෙනා අතර එම කොටස ඔහු විසින් අල්ලගෙන තිබේ. (22දා)කිසියම් පුද්ගලයෙකු විසින් එම ඉඩම් කොටස යන්ත්‍ර සූත්‍ර යොද ශුද්ධ පවිත්‍රකර කොන්ක්‍රීට් කණු ස්ථිරව සිටවා තිබෙන අයුරු දුටු සේවකයන් ඒ පිළිබදව කල දැන්වීමට අනුව එහි ගිය අවස්ථාවේ ඉඩම…

Read More

බස් රථවලින් කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක්

bus lane

හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත කොවිඩ් රැල්ලක් ඇතිවිමේ අවදානමක් පවතින බව බස් මගින් පවසති. මස්කෙළිය, බගවන්තලාව, සාමිමලේ, සාංචිමලේ, ෆෝඩයිස් හරහා ඩයගම වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගීන් රැගෙන යාම සිදු කරන බවත් මෙම තත්වයන් මත තම සෞඛ්‍ය තත්වයන්ට දැඩි අවදානමක් පවතින බවද එම බස් මගින් පවසති. ඉහත ප්‍රදේශවල සිට හැටන් දක්වා පැමිනෙන බස් රථවල මෙම තත්වයන් බහුල වශයෙන් සිදුවන බවත් මෙසේ වැඩි පුර රැගෙන එන බස් මගින් හැටන් බස්…

Read More

සිනා දියවී එන්න ඔරු පදින්න

අන්තර් ජාලයේ සරණ ඇසිල්ලක, හිත අතීතයට විසිකළ පොටෝවක් හම්බවුණා. එකපාරටම ඒ පොටෝව, ඇහැ ඇතුලට කඩාගෙන පැන්නා කිව්වොත් හරි. සුදු යුවතියක් කඳු මුදුනක ඉඳලා කුරුළු ඇසින් පහළ තුරු සිරස් අමතන සෙයියාවක් ඒ පොටෝවේ චිත්‍රණය වෙලා තිබුණේ.. අම්මෝ.. අතීතයක අරුමය දියරණය වෙලා වැගිරෙන්න උනා. ඉතිං ඒ මතක සළු එකිනෙක උනා ඒ දිය හැළුමේම පහළට, පුංචි පතක ඕවිල්ලක පාකරන්න හිතුවා. කිරිඳි ඔයේ පහළට ආවොත් ඔයාලටත් පුළුවන් ඒ මතක ඕවිල්ල ඇහිඳගන්න.. නැතිනම් පාවෙන ඒ මතක, රහ කරකර කිරිඳි ඔයේ පහළට ගලන බටදොඹ ඇහිඳින්න!!! කොස්ලන්ද සානුවට ගමනක්.. ඒක උසස් පෙළ ඉවරකරලා වැලේ වැල් නැතුව හිටිය…

Read More

සේවාව අකුරට ඉටු කල පොලිස් නිලධාරින්ට ඇග බේරාගෙන රාජකාරි කිරීමට සිදුවෙයි

police

අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු පටු අරගලයක නිරතවීම නිසා සේවාව අකුරට ඉෂ්ඨ කල පොලිස් නිලධාරින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඩුවම් ක්‍රියාත්මක කිරීමට නියෝග නිකුත් කිරීම නිසා සිය රාජකාරි ඇග බේරාගෙන සිදුකිරීමට සිදුව ඇති බව අනුරාධපුර පොලිස් වසමේ පොලිස් නිලධාරින් පිරිසක් අනාවරණය කළහ. කොට්ඨාශයේ උසස් පුටුවක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු නිලධාරියා සමාජ විරෝධි ක්‍රියාවල නිරතවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වුවන්ගේ පෙත්සම් සැලකිල්ලට ගෙන රාජකාරි ඉටුකල සෙසු නිලධාරින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර උසස් පුටුව අත්පත්කර ගැනීමේ පහත් ක්‍රියාවක නිරතවන බව පොලිස් නිලධාරින් අනාවරණය කළහ. මෙම…

Read More

සහිඞ් අෆ්රීඩිට එල්. පී. එල්. පළමු තරග දෙක මග හැරෙයි

මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඞ් අෆ්රීඩි නියමිත දිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසු වුවත් ඔහුට ගුවන් යානය මගහැරී ඇත. ඒ සම්බන්ධයෙන් කනගාටු නොවන ලෙසත් ඉතාමත් ඉක්මින් ගාල්ල ගැලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වන බවත් අෆ්රීඩි සඳහන් කර තිබේ. ගාල්ල කණ්ඩායමේ ප‍්‍රධානතම විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් සහිඞ් අෆ්රීඩිව නම් කළ අතර එහි දේශීය ප‍්‍රධානතම ක‍්‍රීඩකයා වූ ලසිත් මාලිංග තරගාවලියෙන් ඉවත් විය. එ අනුව පළමු තරග දෙකේදී ගාල්ල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පැවරීමට නියමිතව තිබේ. සහිඞ් අෆ්රීඩි අද (25 දා) දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණ හම්බන්තොට බලා පිටත්ව යෑමට…

Read More

බයිඩන්ගේ සගයෝ ලංකාවට එරෙහි වෙති

joe biden biography

ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සමග එක්ව ක‍්‍රියා කළ යුතු බවත් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවත් දන්වා තිබේ. ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන 30/1 ජිනීවා යෝජනාවට සමානව කෙටුම්පත් කර ඇති මෙම ඇමෙරිකානු යෝජනාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රජය සතු වධකාගාර ගැන…

Read More

මුව ආවරණ මහ මග දැමීමෙන් කසල කළමණකරන කම්කරුවන් අවදානමේ

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට භාවිතා කරන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීමෙන් කසළ කළමනාකරණ කටයුතුවල නියුතු සේවක පිරිස් බරපතල ගැටළුවකට මුහුණදී සිටින බව කළුතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. භාවිතයෙන් ඉවත් කරක මුව අාවරණ ඉතා ආරක්ෂාකාරීව බැහැර කළයුතු වුවත් නිවෙස්වලින් බැහැර කරන සාමාන්‍ය කසළ බඳුන් තුළම දමා කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථ වලට දෙන බව කසල එකතු කරන කම්කරුවන් කියති. ඇතැම් ප්‍රදේශවල මහ මග ,මංමාවත්වල තැන තැන මුව අාවරණ දමා ඇති අයුරුද දැක ගතහැකිය. මේ තතවය තමන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් යැයි කසළ එක්රැස් කරන කම්කරුවන් කියති. මතුගම,වලල්ලාවිට,දොඩන්ගොඩ සහ කළුතර ආදී ප්‍රදේශ…

Read More