නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….

මහර බන්ධනාගර සිදුවීමෙන් 109ක් රෝහලේ – 26 කට කොවිඩ්

මහර බන්ධනාගර සිදුවීමෙන් 109ක් රෝහලේ – 26 කට කොවිඩ්

මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත. රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ . අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ

බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ

මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුව සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති. නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ. රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී දරුණු හානියක් මහර බන්ධනාගාරයට සිදු…

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

වනජීවී නිලධාරින් හා පිරිසක් අතර ඉකුත් (25) දා හෝ ඊට ආසන්න දිනයක දී ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 2021 පෙබරවාරි 11 දා  වැඩි දුර කරුණු වාර්තා කරන්නැයි පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී ජයවර්ධන මැතිනිය වනජීවී නිලධාරින්ට ඊයේ (30) දා නියෝග කළා ය. ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා එම…

එකම පවුලේ පස් දෙනකු‌ට කොවිඩ්

එකම පවුලේ පස් දෙනකු‌ට කොවිඩ්

බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01වන වන තවත් කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු හමුව ඇති අතර එයින් පස් දෙනකු එකම පවුලේ අය බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේ සිය බගවන්තලාව බොගවාන වතුයායට පැමිනි පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස මුලින් හදුනාගත් බවත් එම ආසාදිතයාගේ මව අවුරුදු 63, පිය අවුරුදු 71, බිරිද අවුරුදු 33,…

මාර්ග රිය අනතුරු යළි හිස ඔසවයි

මාර්ග රිය අනතුරු යළි හිස ඔසවයි

මාස දෙකකට පමණ පසු වැඩිම මාර්ග රිය අනතුරු සංඛ්‍යාව ඊයේ (30) දින වාර්තා වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වු පහුගිය ඔක්තෝම්බර් 04 දා සිට පහුගිය සතිය වනතුරු මෙරට සිදුවන මාර්ග අනතුරු වල කැපි පෙනෙන අඩුවක් වාර්තා වු බවත් නමුත් යම් යම් ප්‍රදේශ වල හුදලකා බව ඉවත්…

ක්‍රිකට් ක්‍රිඩක ධනංජයගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි අල්ලයි

ක්‍රිකට් ක්‍රිඩක ධනංජයගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි අල්ලයි

ශ්‍රි ලංකා ක්‍රීකට් ක්‍රිඩක ධනංජය සිල්වාගේ පියාණන් ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි ඒරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2018-05-24 දින රංජන්ද  සිල්වා මහතාව දෙහිවලදි ඝාතනය කෙරුණි. ඒම ඝාතනය මෙහෙයවන ලද තැනැත්තා ධර්මසිරි පෙරේරා නැමැත්තෙකු වන අතර ඔහු ඒම ඝාතනයෙන් පසු මෙරටින් පලාගොස් ඒක්සත් ආරාබි ඒමිර් රාජ්‍යයේ ජිවත් වන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණි. ඒ් අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්…

පල්ලකැලේ සිරකඳවුරේ හැට දෙනෙකුට නිදහස

පල්ලකැලේ සිරකඳවුරේ හැට දෙනෙකුට නිදහස

සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින  රැදවුවන් හයසිය දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපති පොදුසමාව යටත් කටයුතු යොදා තිබේ. ඒ අනුව  පල්ලකැලේ එළිමහන් සිරකඳවුරේ රැදවුවන් හැට දෙනෙකු නිදහස් කිරීම ඊයේ (30) සිදු කෙරිණී. විවිධ සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව සිරගත කර ඇති මොවුන්ට නිදහස හිමිවුණු අතර  ඔවුන් පිළිගැනීම සඳහා එළිමහන් සිරකඳවුර වෙත ඥාතීන් පැමිණ සිටියහ. නදීක දයා…