දෙහිවල නැදිමාල සිරි සදහන් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවර තමන්ගේ උපන් දිනය ඉහලින් සමරා තිබේ. උමංදාව ආශ‍්‍රමයේ මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත. ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර රසට පූර්ණ නිර්මාංශ ආහාරවලින් පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම වීඩියෝව
Read MoreDay: March 1, 2021
යන එන මං නැති වූ මන්ත්‍රී
ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ අද (01) මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. විරෝධතාකරුවන් ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට තම මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු අතර පසුව පයින් ඇවිද ගෙන ගොස් ත්‍රී රෝද රථයක නැගී පිටව ගියේය.
Read Moreවිලිලජ්ජා නැතුව දේශපාලකයන් කලින්ම එන්නත ලබාගත් එකම රට
මේ දිනවල රටේ ඇතැම් තැන්වල කෝවිඩ්-19 එන්නත ලබාදෙනවා. එන්නත ලබාදෙන ආකාරයේ කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මහජනතාවට රස්තියාදු වෙන්නට සිදුවෙලා. බලපුළුවන්කාරයන් පෝලිම් පැන ගොස් එන්නත ලබාගන්නවා. කෙසේ වෙතත්, මහජන මුදලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කරන්නටත්, එය ජනතාවට ලබාදෙන්නටත් රජය තීරණය කර අවසන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකසාගත යුතුයි. ඒ ප්‍රතිපත්තිය කුමක්දැයි පුරවැසියන් දැනගත යුතුයි. ලංකාව කියන්නේ සෞඛ්‍ය සේවකයන්ටත් කලින් රටේ දේශපාලන නායකයන් හොරෙන්ම එන්නත ලබාගත් බව පෙනෙන රටක්. දේශපාලකයන් මහජනතාවට කලින් විලිලජ්ජා නැතුව කලින්ම එන්නත ලබාගත් රටක්. ඒ නිසා පුරවැසියන්ට තමන්ගේ මුදලින් ආනයනය කරන ලද එන්නත ලබාගන්නට පවා සටන් කරන්නට…
Read Moreඅඹගමුව කොවිඩ් ආසාදිතයන් තවත් ඉහළට
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල පමනක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 375 දෙනකු හමුව ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ගිනිගත්හේන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 133ක්, වටවල ප්‍රදේශයෙන් කොවිවිඩ් ආසාදිතයන් 152ක් ලෙස වැඩි වශයෙන් ආසාදිතයන් හමුව ඇති බවත්ය. මෙයට අමතරව හැටන්, අඹගමුව, පිටවල, හගරාපිටිය යන ප්රදේ්ශවලින්ද තවත් කොවිඩ් ආසාදිතයන් හමුඅව ඇති බවත් මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි.…
Read Moreලක්ෂ 22 ක් හොරකම් කල හොර සාම්වරයෙකු මාට්ටූ
වැලිපැන්න, බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක නිධානයක් තිබන බවත් එය ගැනිම සදහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් සුදානම් කරගන්නා ලෙස දැනුම්දි පසුව පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු රුපියල් ලක්ෂ 22 ක මුදල හොරකම්කල හොර සාම්වරයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පසු ගිය (28 )දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. හිටපු හමුදා සෙබලෙකු, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින් දෙනෙකුද සැකකරුවන් අතර සිටින බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයාගේ නිවසේ භුමි ආරක්ෂාවක් සදහා අසල්වැසියෙකු මගින් සාමිවරයෙකුයැයි කියන පුද්ගලයෙක් ගෙන්වාගන තිබේ. පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස ප්‍රකාශකර ඇති සාමිවරයායයැයි කියන සැකකරු මිගහතැන්න පොලිස් වසමේ පදිංචිකරුවකු බව පසුව අනාවරණයවී…
Read Moreතවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්
උතුරු මැද පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයවීම නිසා තවත් කොවිඩ් 19 රෝගි රැල්ලක් ආරම්භ වෙමින් පවතින බව අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)මන්ත්‍රීවරුන් පිරිසක් පැවසූහ. පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කාර්යාල කාර්ය සහයකවරයෙකු කොවිඩ් 19 වැලදීමෙන් පසුගිය (15දා) මියයාමත් සමග මන්ත්‍රීවරයා සෞඛ්‍ය අංශ වලට ඇත්ත වසන්කරමින් කටයුතු කිරීම නිසා මෙම තත්වය නිර්මාණයවි තිබේ. මේවනවිට ඔහුගේ ආශ්රීතයන් තිදෙනෙකු වන නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊයේ (28දා) වනවිට ස්වයං නිරෝධායනය කිරීමට හා සෙසු ආශ්‍රීතයින් සොය සෞඛ්‍ය…
Read Moreපවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට
කළුතර දිස්ත්‍රික්කයේ දර්ශනීයම පාරිසරික වටපිටාවක් සහිත ඵෙතිහාසික බිතු සිතුවම් රැසක් ඇති පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර රැසක් විනාශවීයාමට පටන් ගෙන ඇතැයි, විහාරාධිපති මාවිට සෝමාලෝක හිමියෝ කියති. “පුංචි සිරිපාදය ලෙස ප්‍රකට පවුරුකන්ද රජමහ විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 510 ක උසින් පිහිටි, දෙස් – විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්ධස්ථානයකි. ගල් පඩි 1200 ක් තරණය කළයුතු පවුරුකන්ද පොලොන්නරු රාජධානි පාලන සමය දක්වා දිවෙන ඵෙතිහාසික ශිලා ලේඛන, ලෙන්, රැසකින් සමන්විතය. මානාභරණ රජු වික්‍රමබාහු රජු සමග සටන්කොට පරාජයවි සිය සහෝදරයින්වු කිත්සිරිමෙවන් හා සිරිවල්ලභ සමග පස්යොදුන් රටට පලාවිත් ආක්ෂාව පතා රැදි සිටි ස්ථානය…
Read Moreමියන්මාරයේ පොලීසිය ජීව උණ්ඩ යොදා උද්ඝෝෂකයින්ට වෙඩි තබයි
මියන්මාරයේ රාජ්‍ය බලය නැවත වරක් හමුදාව ලබා ගැනීමෙන් පසුව එළැඹුණු අඳුරුතම දිනය ඊයේ (28) දිනයේ දී උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමුදා පාලනයට එරෙහි අද පැවැති උද්ඝෝෂණ අතර සිදු වූ ගැටුම්වලදි මියන්මාර පොලීසිය විසින් ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ. මෙහිදී පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
Read Moreතවමත් බස් රථ නීති මායිම් නොකරයි
හැටන් ප්‍රදේශයේ ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල වැඩි පුර මගින් රැගෙන යාමත් සමග මෙම ප්‍රදේශවල කොවිඩ් වසංගතය ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් පවතින බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ෆොඩයිස්, සාංචිමලේ, අප්කට්, වැලිඔය, වැනි වතු ආශ්‍රිත මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල මෙසේ මගින් වැඩි පුර රැගෙන යාම් බහුල වශයෙන් සිදු වන බවත්ය. මේ වන විට මෙම ප්‍රදේශයේ වතු ආශ්‍රිත ප්‍රදේශ කිපයකම කොවිඩ් ආසාදිතයන් බහුලව හමුව ඇති බවත් එවන් තත්වයන් මත මෙම ප්‍රදේශවල සමහර බස් රථවල…
Read Moreකිතුලක් නිසා කාන්තාවක් මරුට
අපරික්ෂාකාරි ලෙස කිතුල් ගසක් කපා යාබද ඉඩමේ නිවැසි කාන්තාවක් ගසට යටව මිය යාම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. වැලිපැන්න, ගබඩා හන්දිය, කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිවසිටි රමණි වසන්තා ගුණතිලක නැමති 52 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.පුද්ගලයින් තිදෙනෙකු අඩක් කපන ලද කිතුල් ගසක් කඔයක් දමා අදිමින් සිටියදි යාබද ඉඩමේ ළිදක් අසල දිය නාමින් සිටි කාන්තාවකගේ ශරීරය මතට කිතුල් ගස වැටිමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. ගසට යටවු කාන්තාව ඉන් මුදාගෙන රෝහල් ගතකිරිම ප්‍රමාදවිම නිසා කාන්තව මරණයට පත්ව ඇතැයි සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.…
Read More