මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි

arrest search

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුගේම ප්‍රධාන ගෝලයෙකු වශයෙන් සේවය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සඟවා තබා ගැනීම මෙන්ම විකිණීම සිදුකර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී…

Read More

සජිත් බබා

baba

කොරෝනා සමයේ රටවල් වසා දැමීම නිසා සියළුම රටවල ආර්ථිකය කඩා වැටුණා.අද බලවත් ආර්ථිකයක් තියන බ්‍රසීලය කියන රටේ මිනිස්සු දිනකට එක් වේලායි කන්නේ.දරුණු වසංගත තත්වයක් පැමිණිය හොත් ජනාධිපතිතුමන් ඉදිරියේදි රට වසාදැමීම සිදුකරයි.අවුරුදු පහක් රට කාපු පැත්තේ හිටපු ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැන් මොනවත් නොදන්න බබා වගේ කථා කරනවා යැයි ඉඩම් කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිගින් දිගටම රජය අසාර්ථක බව පැවසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අනුරාධපුර කුරුන්දකුලමේ පිහිටි සිය නිවසේ පැවත්වු මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඉඩම් අමාත්‍යවරයා. ලෝකයේ රටවල්…

Read More

ව්‍යාජ ලේඛන සකසා වාහන හුවමාරු කරන අපරාධ කල්ලියක් මාට්ටු

aparada

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි වාහන කුලියට ලබා දෙන ව්‍යාපාරික ස්ථානයන්ට ව්‍යාජ හැඳුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර මෙන්ම ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලියාපදිංචි පොත් හා ලේඛන සකස් කර විකිණීම හා වාහන හුවමාරු සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙක් සකස් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ලේඛන රැසක් සමග  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරුවන් දෙදෙනෙක් නුවර, කටුගස්තොට ප්‍රදේශයේ දී සහ ප්‍රධාන සැකකරු ගොතටුව ප්‍රදේශයේ දී මෙන්ම තවත් සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා…

Read More

ආසාදිතයන් 1,891ක් – දිනෙක වැඩිම ආසාදිතයන් – රෝහල් ඇඳන් පිරෙයි

corona-outbreak

තවත් කොරෝනා ආසාදිතයන් 696 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1,891කි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 111,753 දක්වා ඉහළ යයි. අලුත් අවුරුදු කොවිඩ් පොකුර මතු වීමෙන් පසු එම රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා බොහෝ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සම්පූර්ණයෙන්ම පාහේ පිරී ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග වලින් පැවසේ . කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යම පළාතේ රෝහල් පහේ ඇඳන් 1200ම මේ වෙනවිට පිරී ගොස් ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය…

Read More

කොරෝනා අස්සේ මත්පැන් පෙරා වැඩ වරද්ද ගනියි

පාදුක්ක පොලිස් වසමේ පුසඇළී මාවත ප්‍රදේශයේ ළඳු කැලෑවක් තුල රහසිගතව හොර රහසේ පවත්වාගෙන ගිය හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සහ හොර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වූ බව පොලිසිය පැවසීය. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් කිහිප විටක්ම පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇතත් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිට එම ස්ථානයේ හොර මත්පැන් නිෂ්පාදනාගාරයක් නැති බවට සනාථ වන අන්දමින් එය පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලීසිය පැවසීය. නුගේගොඩ…

Read More

අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන ඉදිවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාධිත පිරිස ඉහළ යාමත් සමග කොවිඩ් ආසාධිතයින් සදහා ප්‍රථිකාර සිදු කරන රෝහල් සියල්ල පිරිගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ කියයි. පවතින අවදානම් තත්වයට මුහුණදිම සදහා අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් කළුතර දිස්ත්‍රික්කයේ ඉතා කඩිනමින් ඉදිකරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා කිවෙිය. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ග්‍රාමිය ජනතාව මෙි වන විට විශාල වශයෙන් රෝගයට ගොදුරුවෙමින් සිටිති. දැනටමත් ප්‍රදේශ කිපයක ග්‍රාමසේවා වසම් රැසකට සංචරණ සිමා පනවා තිබෙි. මෙම තත්වය තවදුරටත් පැවතිය හොත් විශාල ගැටළුවක් මතුවන නිසා මතුගම හා හොරණ කේන්ද්‍ර කරගනිමින් අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරිම ආරම්භ…

Read More

පොළොන්නරුවේ ආසාදිතයින් ඉහළට

gampaha-corona

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ  නව කොරෝනා වෛරසයේ තුන්වන ‍රැල්ලෙන් ඉකුත් දෙසතිය තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් පුද්ගලයින් 225 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇතැයි ද ඉන් පුද්ගලයන් සිව් දෙනකු ඊයේ (02) පෙරවරුව  වනවිට මරුමුවට පත්ව ඇතැයිද පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව් කේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා  පැවසුවේ පෙරේදා(01) දිනයේ දී අලුතින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමුවී  ඇති බවයි.තුන්වන ‍රැල්ලෙන් හඳුනා ගත්   කොරෝනා ආසාදිතයින් ගෙන්…

Read More

ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්

corona-ennatha

එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ් එන්නත මෙය වන අතර ඉන් මාත්‍රා මිලියන 850 ක් රට තුළ නිපදවීමටද ඉන්දියාව අපේක්ෂා කරයි. ගෙවුණු දිනයේත් ඉන්දියාවෙන් ලක්ෂ 4කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබේ.වසංගත ව්‍යාප්තිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව…

Read More

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමට අරලිය සහල් එකතුවෙයි

mihinthale

මිහින්තලා මහා සෑයේ තීන්ත ආලේප කිරිමේ පරමාර්ථය හා අධිෂ්ඨානය වනුයේ රටේ තිබෙන කොවිඩ් 19 වෛරස තත්වය තුරන්වී ගොස් රට වැසියන්ට මෙන්ම ලෝකවාසි සියළුම දෙනාට රෝග බියක් නොමැතිව නිදහසේ ජීවත්වීමට කලක් උදාවීම පමණක්ම බවත් තමන් එම පුණ්‍ය කටයුත්තට මුලපිරුවේ වෙනත් කිසිදු අපේක්ෂාවකින් නොවන බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. වසර තුනකට ආසන්න කාලයක් සුදු තීන්ත ආලේප නොකිරීම නිසා දුර්වර්නවි ඇති බුදුන්ගේ ඌර්ණ රෝම ධාතුන්වහන්සේ තැම්පත්කර තිබෙන මහා සෑයේ සුදු තීන්ත ආලේප කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සිය පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදෙමින් පැවති උත්සවයේදි ඒ මහතා මේ බව පැවසුවේය. මිහින්තලා…

Read More

ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි

legends Sri Lanka

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ  ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

Read More