අලි ඇතුන් බඳු සවි සම්පන්න දරු සම්පත් ලබා දෙවන රාවණාගේ දඬු මොනරය සොයා බොල් තුඹේ ගියෙමි

අප රටේ දුරාතීතයේ රජ කම් කළ බව කියන මහා බලසම්පන්න නරපතියෙකු වන රාවණ රජුගේ දඬු මොනර යන්ත්‍රය තවමත් සබරගමුවේ ඉපැරණි දේවාලයක අගුල් දමා ඇති කාමරයක රහසිගතව තැන්පත්කොට තිබේ. එපමණක් නොව රාවණා රජුගේ ධනය සහ වෙනත් යුද උපකරණ කිහිපයක් ද එසේ රහසිගත ලෙස තැන්පත් කොට ඇති සෙසු භාණ්ඩ අතර ඇත. මෙසේ තැන්පත්කොට ඇති රාවණා රජුගේ දඬු මොණර යන්ත්‍රය කෙතරම් ආනුභාව සම්පන්නද යත් එය පිටතට ගත් සැනින් මහ වැසි ඇද හැලෙයි. එනිසාම කිසි ලෙසකින්වත් ඉන් පිටතට නොගැනෙන එය බැලීමට කිසිවෙකුටත් ඉඩක් දෙනු නොලැබේ. ඉහත ප්‍රවෘත්තිය මුල්වරට මට අසන්නට ලැබුණේ 1994 වසරේ ශ්‍රී…

Read More

ජෛව පරිසරයක් වෙනුවෙන් බස් රථ මුහුදේ ගිල්වයි

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්  ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි. ඒ් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් හා නාවික හමුදාවේ දායකත්වයෙනි. මෙහිදි යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා  භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරනු ලැබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්‍ෂිතව දියයට…

Read More

ගොවින් අසරණ වෙයි – සහනාධාර පෙහොර මුදලට විකුණයි

රජය මගින් මහකන්නයේ ගොඩ සහ මඩ ගොවිතැන සදහා නිකුත්කර තිබෙනා පොහොර තොගත් තමන්ට ලබානොදෙමින් එම පොහොර මුදලට අලවිකරනා ජවාරමක් සිදුවන බව පවසමින් මහවිලච්චිය ගොවිජනපදයේ මහසෙන් ගොවි සංවිධානයේ සභාපති හිටපු මන්ත්‍රී ආර්.අනුර බණ්ඩාර මහතා(අමුඩේ මන්ත්‍රී)ඇතුළු ගොවින් විශාල පිරිසක් (13දා)විරෝධතාවක් පැවත්වූහ. මහ කන්නයේ ගොඩ මඩ වගාවන් සදහා පොහොර ලේකම් කාර්යාලයෙන් ගොවින්ට අවශ්‍ය තරම් සහනාධාර පෙහොර රජය නිකුත්කර ඇතත් ගොවින් කොටසකට පමණක් පොහොර ලබාදී තවත් කොටසකට සහනාධාර පොහොර ලබානොදෙමින් ඒවා මුදලට විකුණා බව කියමින් මහවිලච්චිය වම් ඉවුර සහ දකුණු ඉවුර ගොවින් පිරිසක් නීරෝධායන නීති උල්ලංඝණය නොවන අන්දමින් සිය ගොවිබිම් වල විරෝධතාවය පැවත්වූහ. විරෝධතා…

Read More

ගෑස් සිලින්ඩර් තුල සඟවා සිදු කළ මහා පරිමාණ කුඩු ජාවාරම

ගෑස් සිලින්ඩර තුල සුක්ෂම ලෙස සඟවා ගොඩබිම වෙත ගෙන ඒ්මට උත්සහ කළ රුපියල් මිලියන 1758කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. ඒ් නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ  සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219කට අධික තොගයක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදා භාරයට මෙහිදි ගෙන ඇත. මෙම විශේෂ මෙහෙයුමේදී බහුදින ධීවර යාත්‍රාවක් මඟින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට රැගෙන විත් පසුව ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම, පොල්වතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත…

Read More

කල් ඉකුත් වූ ඖෂධ නීතිවිරෝධි ලෙස දින වෙනස් කර බෙදාහැර වැඩ වරද්ද ගනියි

දෙහිවල පොලිස් වසමේ  නැදිමාල , රබර්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ඉතා රහසිගතව හා සූක්ෂම ලෙස පවත්වාගන යනු ලැබූ විදෙස් රටවලින් හා මෙරටින්  ලබාගත් ලද කල් ඉකුත්වීමට ආසන්න හා කල් ඉකුත් වූ ඖෂධ  නීතිවිරෝධි ලෙස නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වන දිනය වෙනස් කර ඒ වෙනුවට නව දින සහිත ස්ටිකර් සකසා අලවා ඖෂධ බෙදාහැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් දෙහිවල පොලීසිය හා බස්නාහිර පලාත් බුද්ධි ඒකකය සමග ජාතික ඖෂධ නියාමක අධිකාරිය නිලධාරීන් එක්ව  වටලා කල් ඉකුත්වූ ඖෂධ විශාල  තොගයක්  සමග ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි. බස්නාහිර පළාත්…

Read More

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට

keheliya

රුසියාවෙන් මෙරටට ගෙන්වන ලද කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් පනස්දහසක් මහනුවර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම එන්නත් ප්‍රමාණය මහනුවර, පාතදුම්බර සහ පස්බාගේ කෝරළය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලට ලබා දෙන බව අද (12) පල්ලකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැති කොවීඩ් මර්ධන පසුවිපරම් රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. වයස අවුරුදු 60ට වැඩි අය සඳහා මෙම එන්නත් ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීන්දු කර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වාහන ආනයනය කිරීම සිතාමතා අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කර ගැනීමට ගෙන ඇති තීරණයක් යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, වාහන ආනයනය කිරීම…

Read More

අපි එදා කතා කරපු වෘක්ෂායුර්වේදය ගැන දැන් දොස්තරලා හිටිවන බයිලා කියනවා

aurwedaya

දේශීය උරුම උස්මුරුත්තාවෙන් පුරසාරම් කියන සමහර දොස්තර මහතුන් අපිට කියනවා කිරිපිටි වෙනුවට කොළ කැඳ බොන්න ලු. සිසිල් බීම වෙනුවට තැඹිලි බොන්න ලු. මන්දපෝෂණය දුරු කරන්න මුරුංගා වලින් සප්ලිමන්ට් හදන්න ලු. පාන් වෙනුවට වස විසෙන් තොර දේශීය හාලේ බත් කන්න ලු. රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැන පුරුදු කරන්න ලු. පොල්තෙල් ටික සෙක්කු යොදලා ගමේම හිඳ ගන්නලු. මමත් මේ බලා ගෙන ඉන්නේ ඔය කියාගෙන යන හැටියට ඉංග්‍රීසි බේත් වෙනුවට සිංහල බේත් බොන්න කියන්නේ කොයි වෙලාවෙ ද කියල.චැනල් පෝලිම් වල රස්තියාදු නොවී සමහර ලෙඩ වලට ගමේ වෙදමහත්තය ගෙන් බේතක් ගන්න කියන්නේ කොයි වෙලාවෙද…

Read More

ගම්පහ අධිවේගයේ වැඩ තාවකාලිකව අත්හිටුවයි

gampaha-road

ගම්පහ මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවතාවක් ජලයෙන් යට වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළි සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹෙන තුරු එම  ඉදිකිරිම් තාවකාලිකව  අත්හිටුවා තිබේ. මහජන අදහස් හා මහාමාර්ග හා වාරිමාර්ග ඉංජිනේරුවරුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් අදාළ සැලැස්ම සංශෝධනය කිරිමට රජය සුදානම් බවත් ඒ අනුව අදහස් ලබාගැනීම මේ අනුව සිදු වන බවත්සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම සැලැස්ම සමාලෝචනය කර අවසන් තීරණයකට එළඹීම ඉදිරි සති දෙක තුළ සිදු කිරිමට නියමිතය. පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍ර දේශ ගණනාවක් ජලයෙන්…

Read More

වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ

නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය. ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.

Read More

ඉදිරි ගිවිසුම්වලට ගියානම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ

oil

ලෝක තෙල් මිල ගණන් අඩු වූ පසුගිය කාලයේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට ගියා නම් මෙසේ තෙල් මිල ගණන් වැඩි කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බව මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති. ගිය වසරේ (2020) කොරෝනා වසංගතයෙන් පසු ලෝක ඛනිජ තෙල් මිල ගණන් විශාල වශයෙන් අඩු වූ බවත් ඒ අවස්ථාවේදී මෙසේ ඛනිජ තෙල් මිලදී ගැනීමේ ඉදිරි ගිවිසුම්වලට එළඹීමට හොඳටම හැකියාව තිබුණු බවද ඔවුහු පෙන්වා දෙති. එසේම මේ සම්බන්ධයෙන් වන ඉදිරිපත් කිරීමක් ගිය වසර (2020) මැදදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට සිදුකළ බවත් ඔවුන් එයට සවන් දුන්නා මිස ඒ අනුව කටයුතු…

Read More