විවාහක කතුන්ට දරු සම්පත් ලබා දුන් උස්වැලිකන්දේ දෙවියෝ
තරුණ කතුන්ට බැලුම් හෙළන යකුන් සේම දෙවිවරුන් ගැන ද ඉඳහිට අසන්නට ලැබේ. තොට යකා නමින් හැඳින්වෙන යක්ෂයා ද, ඇතැමුන් යක්ෂයින් වශයෙන් හඳුන්වනු ලබන දේවත්වයක් ද පළ කරන අබිමානා සහ කළු කුමාර ආදීහු කතුන්ට බැල්ම හෙළන සෙසු අමනුෂ්‍ය ප්‍රජාව අතරට අයත් වේ. නමුදු තරුණ කාන්තාවන්ගේ විශේෂ ඇල්මට, බැල්මට, ආකර්ෂණයට ලක් වන දෙවියකු පිළිබඳව සිංහල බෞද්ධ දේව…







