නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය

නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්‍රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමේ ක්‍රියාකාරකම් බලහත්කාරී සහ නීති විරෝධී වන අතර එම පුද්ගලයන් ඇප මත නිදහස් කළ අධිකරණයට කරනු ලබන අපහාසයක් බව ද, එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන්, සෞඛ්‍ය…

Read More

දරුවන්ට අධ්‍යාපනය නොලැබිම කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයි

covid

“දරුවන්ට අධ්‍යාපනය නොලැබිමෙන් සිදුවන් සිදුවන විනාශය කොවිඩ් වසංගතයෙන් මිය යනවා හා සමානයැයි“ රාජ්‍ය ඇමති පියල් නිශාන්තද සිල්වා මහතා කීවේය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි  දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදි  කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා   අධ්‍යාපනසේවා රාජ්‍ය අමාක්‍ය පියල් නිශාන්ත දසිල්වා මහතා මේ බව කිවේය.කිවේය. වර්තමානයේ කුමන ක්‍රමවේදයක් ඔස්සේ වුවද  ලබාදෙන  අධ්‍යාපනය සෑම දරුවෙකුටම සමානව නොලැබෙන නිසා  ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, අධ්‍යාපන ඇමතිවරයාගේත් මගපෙන්විම අනුව  පෙර පසල් හා ද්විතික පාසල්වල  ගුරුවරුන්ට එන්නත්කරනය සිදුකර  පාසල් හා පෙර පාසල් හැකි ඉක්මණන්  ආරම්භ කලයුතුව තිබෙනවා. මේ වනවිට එම වැඩපිළිවල ඉතා සාර්ථකලෙස…

Read More

මෙල්ස්ටා සමාගම සිය නවතම ව්‍යාපාරය – මෙල්ස්ටා ඔසුසල් දියත් කරයි

melsta

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සමූහ ව්‍යාපාරයක් වන මෙල්ස්ටාකෝප් සමාගම ශ්‍රී ලාංකිකයින් හට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ දැක්ම ඇතිව 2017 වසරේදී සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර ආරම්භ කළේය. මෙල්ස්ටාකෝප් සමාගම අද වනවිට මේ ඉලක්කය වෙනුවෙන් කැපවුණු ඉහළම තත්ත්වයේ සෞඛ්‍ය සේවා ආයතන ගණනාවක හිමිකාරීත්වය දරන අතර තවත් ගණනාවක කළමනාකරණය මෙහෙයවයි. මෙල්ස්ටා සමාගම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහලක් වන ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේ කළමනාකරණය සහ මෙහෙයවීම සිදු කරන අතර පසුගිය වසරේදී රාගම බ්‍රවුන්ස් රෝහල මිල දී ගෙන එය රාගම මෙල්ස්ටා රෝහල ලෙස නව සන්නාමයක් යටතේ අලුත් මුහුණුවරකින් දියත් කළේය. නව…

Read More

ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට

ඉතියෝපියා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි නියමිත කලට මහ මැතිවරණය පැවැත්වීමට ඉතියෝපියාව අසමත් වූ අතර කල් දැමූ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය අතිශය බහුතරයක් දිනාගැනීමට සමත් වී ඇත ඉතියෝපියා පාර්ලිමේන්තුවේ ආසන 436 න් 410 ක බලය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත්වී තිබීම විශේෂත්වයකි

Read More

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව ජනතාව වීථි බසිති

කියුබාවේ කොමියුනිස්ට් පාලනයට එරෙහිව වසර ගණනාවකට පසුව එරට ජනතාව දහස් ගණනින් වීථි බැස විරෝධතා පවත්වති. හවානා අගනුවර ඇතුළුව අනෙකුත් නගරවල ඔවුන් විරෝධතා පවත්වා ඇති අතර “ඒකාධිපති පාලනය බංගවේවා” යනුවෙන් ඔවුන් කෑ ගැසූ බව විදෙස් මාධ්‍ය පවසයි.  

Read More

අමුඩ මන්ත්‍රී සත්‍යග්‍රහයක

ගොවි ගැටළු සම්බන්ධයෙන් අදහස් පලකරන ගොවි නායකයින් මර්දනයට හා මාධ්‍ය මර්දනයට එරෙහි වන බව කියමින් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ආර්.එම් අනුර බණ්ඩාර මහතා (අමුඩයා මන්ත්‍රී) අමුඩයෙන් සැරසි මහවිලච්ය පේමඩුව හන්දියේ පිහිටි බස් නැවතුමක වහලය මත නැගී ඊයේ (12දා) උදෑසන සත්‍යග්‍රහයක නිරතවිය. වර්ථමාන රජය මගින් රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන කිරීම අත්හිටුවීම ඒ සම්බන්ධයෙන් හඩක් නගන ගොවි නායකයින් වෘත්තිය සමිති නායකයින් හා මාධ්‍ය මර්දනය කරනා බව කියමින් මන්ත්‍රීවරයා බස් නැවතුවේ වහලය මතටවි සත්‍යග්‍රහය ඇරඹීය.එහිදි කථා කළ හිටපු මන්ත්‍රී අනුර බණ්ඩාර මහතා. අපි මේ රජය බලයට…

Read More

බුලත්සිංහල ජනතාවට බීමට මඩ වතුර

වසරේ වැඩිම කාලයක් වර්ෂාවෙන් හා ගංවතුරින් බැටකන, බුලත්සිංහලට ජනතාවට වැස්සක් වැස්ස ගමන් බොර වතුර බොන්නට සිදුව ඇතැයි“ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ ජල පාරිභෝගිකයෝ චෝදනා කරති. ලංකාවේ හොදම ජලය කළු ගග ජල ව්‍යාපෘතිය මගින් අගනුවරටත්, දකුණු පළාතටත් රැගෙන යයි. බුලත්සිංහල පිරිසිදු වතුර ටික පිට පලාත්වලට රැගෙන යන අතරතුර බුලත්සිංහල ජනතාවට මඩ වතුර බොන්නට සිදුව ඇතැයි‘, බුලත්සිංහල ජනතාව කියති. බුලත්සිංහල නගරය, බුලත්සිංහල බටහිර , ගලහේන, කරල් දැක්ම, බුලත්සිංහල දකුණ, මොරවක වත්ත, දඹල, ගමගෙ වත්ත, පාරු තල්විල, හා පරගොඩ ඇතුළු ග්‍රාම සේවා වසම් අටක ගම්මාන රැසක ජල පාරිභෝගිකයින් 1548 දෙනෙකු මගින් බුලත්සිංහල ප්‍රදේශයේ…

Read More

ලක්ෂ 850කට අධික මුදලකින් නවිකරණය කල මාර්ගයේ ගල් මතුවෙයි

නැගී එන කළාප වල ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දශක හතකට පමණ පසුව රුපියල් ලක්ෂ 850කට අධික මුදලක වියදමින් නවිකරණය සිදුකරන පුහුලේවැව මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්වීමත් පෙර මාර්ගයේ ගල් මතුවි ඇති බවට මාර්ගය භාවිතා කරන ගම්මුන් චෝදනා කළහ. පුහුලවැව හංදියේ සිට නෙළුගොල්ලෑව දක්වා කිලෝමීටර් තුනක පමණ දුරින් යුතු මාර්ගය සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් වෙමින් පැවතියත් එම මාර්ගය කොතරම් කළක් භාවිතා කිරීමට හැකිවේද යන්න සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවෙමින් පවතින බව ගොවින් පිරිසක් අනාවරණය කළහ. දශක හතකට අධික කාලයක් මෙම මාර්ගයට තාර නොදැමුණු…

Read More

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් හානියට පත් වු ධීවරයින්ට අද සිට වන්දි මුදල්!

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති රුපියල් මිලියන 720 ක වන්දි මුදලෙන් මිලියන 420 ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වන්දි වශයෙන් ලබා දීම අද (13) දින සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. වන්දි මුදල් ලබාදීමේ ක්‍රියාවලියේදී ධීවර ජනතාවට ප්‍රමුඛත්වය ලබාදුන් බවත් විශේෂයෙන් සාගරය තුළ ගිලි තිබු නෞකාවේ තිබු කන්ටේනර් ඇති ස්ථාන හදුනා ගැනීම  පිළිබදව කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බවත්, එහෙත් පවතින අයහපත් කාලගුණ…

Read More