වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය එන මං බලා සිටින අසරණ දෙමාපියන්

abirahas

වසර දාහතරකට පෙර අභිරහස් අන්දමින් අතුරු දන්වු සිය දියණිය සොයමින් තවමත් හැඬූ කඳුලින් දිවි ගෙවන අසරණ දෙමාපියන් යුවලක් සිය දියණියට සිදුවුයේ කුමක්ද යන්න අනාවරණය කරදීමට නීතිය ක්‍රියාත්මක කරනා පොලිසිය අසමත්වි ඇති බව පවසති. තිරප්පනය පොලිස් වසමේ මරදන්කල්ල මිරිස් කටුකැලියාව ගම්මානයේ මැටියෙන් තැනූ පැල්පතක ජීවත් වන කේ.විජේසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ අදටත් අභිරහස් අන්දමින් අතුරුදන්වූ කථා කිරීමට නොහැකි සිය දියණියගේ ඡායාරූපයක් සන්තකයේ තබාගෙන හඩාවැටෙමින් ඇය එන තෙක් මඟ බලා සිටිති. වයෝවෘද්ධ මාපිය යුවලට දරුවන් සිව් දෙනෙකි.පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණූ දරුවන් දෙදෙනෙකු අතර තෙවනි දරුවා වූ ඇය 1987 වර්ෂයේ නොවැම්බර් 13…

Read More

ඩෙල්ටා කම්හලක් වසයි – පාසල් සිසුවකුට ඩෙල්ටා

delta corona variant

ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. බේරුවල හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත. කරාපිටිය වෛද්‍ය පීඨය සිදුකළ ජීන් සී කුවින්සි පරීක්ෂණයකදී මෙම පාසල් සිසුවා ඩෙල්ටා කොවිඩ් ප්‍ර​​භේදය ආසාදිතයකු බවට තහවුරු වී තිබේ. මේ වන විට මෙම පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා ගාල්ල අතරමැදි…

Read More

විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට ඉල්ලීක්

teacher

උතුරු මැද පළාතේ රජයේ පාසල් වල පුරප්පාඩු සදහා විදුහල්පතිවරුන්ට පත්විම් ලබාදිම ස්ථානමාරු සිදුකිරීම අයතා අන්දමින් සිදුකිරීම වහාම නතර කිරීමට නියෝගයක් නිකුත් කරනා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමේ නඩු විභාගය අවසන් වීමටත් පෙර අධ්‍යාපන බලධාරින් විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් එකගතාවක් ඇති කර ගෙන තිබෙනා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිනා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පළාතේ බලධාරින් සිව්දෙනෙකුට මේ මස (28දා) කරුණු දැක්වීම සදහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් උතුරු මැද පළාත් බද මහාධිකරන විනිසුරු (අංක-1)මනෝජ් තල්ගොඩපිටිය…

Read More

බලධාරින් සදළුතලවලින් බැස ඉලක්කගත වැඩපිළිපලක් ක්‍රියාත්මක කළයුතු කාලය පැමිණ ඇත

political

“ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවල ඉන්ටර් නැෂනල් වැඩ ගැන කතාකළත් මේ රටේ දරුවන් ගැන කතා වෙන්නෙ නැහැ. සම්බන්ධිකරණ කමිටුවල දරුවන්ට, කාන්තාවන්ට ඉඩක් තිබුණානම් මෙවැනි සෝචනිය සිදුවිම් අවම කරගන්නට තිබුණා.” යැයි  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කිවෙිය. හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාරකමට යොදාගත් දරුවන්  රැසක්  දුෂණයට හා අපයෝජනයට ලක්විම පිළිබද අදහස් දක්වමින්   බේරුවලදි  කාන්තා හා ළමා සංවර්ධන  පෙර පාසල්,ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ අදහස්  පළකළේය. කාන්තාවන්, දරුවන්, හා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන  බලධාරින් , නිළධාරීන් අපි  සියළුදෙනා …

Read More

වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්

keheliya

රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය  විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  අංක තහඩු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ පමණක් නොව, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් තුළින්ද දෙපාර්තමේන්තුවට ආදායම් ඉපැයිය හැකි…

Read More

උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

food the cook of castamar

අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ. බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ ගල්වනවා. එතකොට ඇය හිනාවෙනවා. හැබැයි එහෙම අවස්ථා අල්පයයි. මේ දුක නිසාමදෝ ඇය උදේ රැයින් පටන් අරං නින්දට යනකම් කළේ උයනපිහින එක. බනක් දානයක් මඟුලක් කොහේද ගිහිං කෑම හදන එක. අපේ ගමේ එහෙමට රසට කෑම හදන්න…

Read More

සිය ගණනක් සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට යති

Immigrants UK

එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට සිය ගණනක් සංක්‍රමණිකයන් දිගින් දිගටම උත්සාහ දරති. ස්වදේශ කටයුතු කාර්යාලය පවසන පරිදි බදාදා බෝට්ටු 11 කින් 219 දෙනෙකු සහ බ්‍රහස්පතින්දා බෝට්ටු 06කින් 175 ක් එක්සත් රාජධානියට පැමිණ තිබේ. ජූලි 19 වන සඳුදා අවම වශයෙන් සංක්‍රමණිකයන් 430 ක් දරුවන් ද සමඟ එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වීමට උත්සහ දරා ඇත. එය එක් දිනක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම සංක්‍රමණික අගයයි. මීට පෙර 2020 හිදී මුළු සංක්‍රමණිකයන්  8,461 ක් සහ 2019 වසරේ දී 45,000 ක් පමණ ජනතාව එක්සත් රාජධානියේ සරණාගතභාවය ඉල්ලා ඇත. මෙසේ එක්සත් රාජධානියට පැමිණෙන සංක්‍රමණිකයන් බොහෝ  දෙනෙක්…

Read More

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

cricT20

ඊයේ (25) පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට හිමිවිය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් යාදේව් ලකුණු 50ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග කඩුළු දෙක බැගින් ලබාගැනීමට හැකි විය. අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 18යි පන්දු 3කදී සියලුදෙනා දැවීයේ රැස්කර ගත්තේ ලකුණු 126ක් පමණියි.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 44ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් කඩුළු 4ක් දවා ගැනීමට සමත්…

Read More