ළමා අපයෝජන හා අපරාධ වැලැක්වීමට සමත් යාන්ත්‍රණයක් අපට තිබේද?

mechanism is needed to prevent child abuse and crime

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබූ දැරිවියගේ මිය යාම සම්බන්ධව විශාල කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධව විවිධ තොරතුරු දිනෙන් දින මාධ්‍ය මගින් වාර්තා කරන අතර, ඊයේ ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබුනේ මේ අකාරයේ තවත් දැරිවියන් දෙදෙනෙකු මීට පෙර රිෂාඩ් ඇමතිවරයාගේ නිවසේ සිටිය දී මියගොස් ඇති බවයි. පසුගියා දා මිය ගිය දැරිවියගේ මව මේ සම්බන්ධව පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට කෙරී ඇති පරීක්ෂණ පිළිබදව ඇයට සෑහීමකට පත්විය නොහැකි බවයි.…

Read More

දේශීය ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

chlorine

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වශයෙන් පානීය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දියර ක්ලෝරීන් ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් ආනයනය කර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත සැපයීම සිදු කරනු ලබයි. එම සමාගම දේශීය වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීමට සැලසුම් කර ඇති අතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිපොක්ලෝරයිට් එම ව්‍යාපෘතියේ අතුරු නිෂ්පාදන ලෙස නිෂ්පාදනය කිරීමට ද අපේක්ෂා කරනු ලබයි. එම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට හැකි වනු පිණිස පරන්තන්හි පැරණි රසායනික කම්හල පිහිටි, 1954…

Read More

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක්

tokiyo

ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් විසින් ක්‍රීඩයන්ට කාඩ්බෝඩ් ඇඳන් ලබාදී තිබෙන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවල යෙදීම වැළැක්වීමට යයි ලොව පුරා පැතිර යන කටකතාව ව්‍යාජ පුවතකි. මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. එයිවීව් නම් ජපන් සමාගමක් විසින් මෙම කාඩ්බෝඩ් ඇඳන් හා පොලිඑතිලීන් මෙට්ට 18,000 සපයා තිබේ. ඔලිම්පික් අවසන් වීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීමට නියමිතය. ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් අතර කොන්ඩම් 150,000ක් බෙදාදීම සම්බන්ධයෙන් පැතිරෙන කටකතාව ද මෙවැනිම එකකි. එය ඔවුන්ට…

Read More

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට ගුටි පූජාවක්

mahajana-sawkkya

රඹෑව කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට බරපතල පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් හත්දෙනෙකු සමග ත්‍රීරෝද රථයක් යතුරු පැදි දෙකක්  අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. රඹෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂක රෝහිත රත්නායක මහතා මිහින්තලය පොලිස් වසමේ මාතලේ හංදිය ප්‍රදේශයේදි  පහරකෑමට ලක්වි ඇත. පෙරේදා (26දා) අළුයම එක වනවිට පහරදීමට සම්බන්ධවු සියළුම සැකකරුවන් ඔවුන් පැමිණි රථ වාහන සමග අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.අපහරකෑමට ලක්වු බව කියන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කාන්තාවක් හා තවත් මිතුරෙකු සමග ඔහුට අයත්ව තිබෙන ඉඩමක් බැලීමට මිහින්තලය පුංචිකුලම ප්‍රදේශයට ගොස් තිබේ. එම අවස්ථාවේ තරුණයන්…

Read More

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

corona

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයමින් ඇති අවස්ථාවක ගුරු වෘත්තිය සමිති විසින් රට පුරා සිදුකරන උද්ඝෝෂණ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් එවන් පිරිස් ඒකරාශි කිරිම් වහා නවතා දමන ලෙසත් ඔහු ඉල්ලා සිටි.

Read More

ලොව විශාලතම ආර්නූල් මැණික ලංකාවෙන් මතුවෙයි

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඉඩමේ පිටුපස ළිඳක් හාරමින් සිටියදී එය හමු වී ඇත. කිලෝග්‍රෑම් 510 ක බරින් යුත් එම මැණික සඳහා මේ වනවිටත් විදේශීය ගැනුම්කරුවන් ලංසු ඉදිරිපත් කර ඇති බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි. විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බව වාර්තා වේ.

Read More

සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ

mihnthalawa

ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ විනාශයට පත්වි අක්‍රිය තත්වයට පත්වි ඇතත් වග කිවයුතු බලධාරින් ඊට ස්ථිර විසදුම් ලබාදීමට සමත්වි නැති බව එහි ගිය අවස්ථාවේ දැකගත හැකිවිය. මිහින්තලා පූජා භුමියට අයත් කටුසෑය ඒ-නමය ප්‍රධාන මාර්ගයේ කොටසක් ලයිසන් මාවත පැරණි රෝහල මාවත…

Read More

මුඛ පිළිකා වැඩි වෙයි!

muka-pilika

ලෝකයේ දෙවන තැනට මුඛ පිළිකා වාර්තා වන්නේ ශ්‍රි ලංකාවෙන් බව ජාතික පිළිකා මර්දන ඒ්කකය පවසයි. වසරකට මෙරටින් පිළිකා රෝගීන් 31,800 ක් පමණ වාර්තා වන අතර ඉන් 2700 ක් පමණ මුඛ පිළිකා රෝගීන්ය. දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 2-3 ක් පමණ සිදු වන බවද එම ඒ්කකය පවසයි. දැනට වාර්තාවී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ ( III හා IV අවධිවල) පසු වන අතර අවසන් අවධියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසුව ජීවත්වීමේ හැකියාව අඩුවන බව ජාතික පිළිකා මර්දන ඒකකය පෙන්වාදෙයි. එමෙන්ම මුඛ පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුල වන අතර කාන්තාවන් අතර බහුලතම පිළිකාවන්…

Read More