ඉල්ලීම් 07 ක් වෙනුවෙන් සුව සේවකයින් උද්ඝෝෂණයක

pickat

පොලොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරුන් හැර සෙසු රෝහල් කාර්යමණ්ඩලවල සේවා 47කට අටත් සේවකයින් 750ක් පමණ දෙනා අද  (22) දහවල් කෑම පැයේ දී ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින්  මහ රෝහල ඉදිරිපිට  උද්ඝෝෂණයක නිරත වූහ. එම උද්ඝෝෂකයින් පවසන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් රෝගී සත්කාරක සේවා සපයන  වෛද්‍යවරුන් හැර සෙසු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා රුපියල් 7500ක අවදානම් දීමනාවක් ගෙවූ බවත් එය ලැබුණේ මාස 3ක කාලයක් පමණක් බවත් ය. “සෞඛ්‍ය සේවයකින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි අවදානමක ඉන්නේ ජීවිත අවදානම නොතකා වැඩ කරන සෞඛ සේවකයින් ට  සියලු දෙනාටම මෙම දීමනාව දෙනවා  කිව්වා.වෛද්‍යවරුන් ට විතරක් නෙමෙයි…

Read More

තර්ඩ් පාටි වාහන රක්ෂණයේ බදු ඉහලට

vehicle-insurance

තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1%ක බද්ද 2%ක් දක්වා ඉහළ දමා තිබේ. 2021 ඔක්තෝබර් 01 වැනි දින සිට මෙම බදු සංශෝධනය සිදුකිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17 වැනිදා) ප්‍රවාහන ඇමැතිවරයා නිකුත් කර ඇත.

Read More

ස්වසන අපහසුතා නිසා ළදරුවෙක් මිය යයි

baby

මේ දිනවල පවතින කොවිඩ් අවදානම සහ පැතිර යන ඩෙංග වසංගතය වැනි රෝග නිසා විශේෂයෙන් කුඩා දරුවන්,හා බිළිදුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද නිතර දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස  සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරයි. විශේෂයෙන් බිළිදු දරුවන් සිටින නිවෙස් වලින් බැහැරට යන වැඩිහිටියන්  නිතර එම බිළිදු දරුවන් සිටින ස්ථානවලට යාමෙන් වැළකිමට හැකි නම් බිළිදු දරුවන් බෝවන රෝගවලින් බේරා ගැනිමට හැකි වන බව මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පෙන්වාදෙති. මේ ආකාරයට රෝගි වන කුඩා බිළිදුන්ට ප්‍රථිකාර ලබාදිමට පෙර  බරපතල තත්වයන් ඇතිවන බවද වෛද්‍යවරුන් පෙන්වාදෙති. බුලත්සිංහල  බෝතලේගම ප්‍රදේශයේ  පදිංචි යුවලකගේ මාස එක හමාරක් වයසැති බිළිදි දරුවකු පසුගිය…

Read More

ඕස්ට්‍රේලියාවට භූමි කම්පාවක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඩෙල්ටා ප්‍රභේදය මඟින් ව්‍යාප්ත වන කොරෝනා වයිරස් පැතිරීම පාලනය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් පැනවූ අගුලු දැමීමට එරෙහි විරෝධතා මධ්‍යයේ මෙම භූමිකම්පාව සිදු විය. බලවත් භූමිකම්පාවෙන් පසු සිදුවූ හානි පිළිබඳ ක්‍ෂණික වාර්තා නොමැත. වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ඇමතුම් සේවාව…

Read More

බිරිඳ ඝාතනය කර කොරෝනාවෙන් බිරිඳ මියගිය බවට ඒත්තු ගැන්වූ සැමියා පොලිසියට කොටුවෙයි….

crime

බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවකි. මෙම යුවළට වයස අවුරුදු 13ක පුත්‍රයෙක් සහ වයස අවුරුදු 06ක දියණියක් සිටින බවත් පොලිසිය…

Read More

උතුරේ තැපැල් ගැටලුවට ජනමාධ්‍ය ඇමති මැදිහත් වෙයි.

post office

තැපැල් කාර්යාල නොමැතිවීමෙන් උතුරේ ජනතාව මුහුණ දෙන අසීරුතාවයන්ට විසදුම් ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා පවසයි. ඔහු ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කළේ කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්‍රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උපතැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බවය. ඒ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්  යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දිවයින පුරා නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති අතර  2020, 2021 සහ ඉදිරි…

Read More

මෙම මාසයේදි කොවිඩ් ආසාදිතයන් අඩුවෙයි

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් පසු ගිය අගොස්තු මාසය තුලදි හමුවු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයට වඩා මෙම මාසය තුලදි හමුවන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩුව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය අගොස්තු මාසය තුලදි මෙම නගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 46 දෙනකු හමුවි ඇති බවත් එයට සාපේක්ෂව මෙම මාසය තුලදි හමුව ඇති ආසාදිතයන් ප්‍රමානය අඩුව ඇති බවත්ය. ඉදිරියේදිද මෙම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපැදිමට පියවර ගතහොත් මෙම ප්‍රදේශයේ කොවිඩ් වසංගතය තුරන්…

Read More

ගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!

hand cup

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම්  සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි  සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙක් සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් සමග ඊයේ  (21) වන දින උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා…

Read More

චම්පික අද කථා කරන්නේ පහුගිය ආණ්ඩුවේ හිටපු නැති කෙනෙක් විදිහට – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

rohitha

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු පවරා සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන ඇති බවත් තවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගන යන අතර මීටත් වඩා තවත් හොයල අත්අඩංගුවට ගන්නවනං ඉතිං ගන්න තියෙන්නෙ හිටපු කැබිනට් මණඩලය පමණක් යැයි,“ වරාය හා  නාවික කටයුතු පිළිබද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා  පවසයි. මතුගම, කරම්පෑතර  අභයරාජ මහා විහාරස්ථානයේඅභිනවයෙන් ඉදිකල  27 රියන් උසැති හිටි පිළිම වහන්සේ බිනර පුන් පෝදින  නිරවරණය කිරිමෙන්  පසු  ඔහු මෙම අදහස් පල කළේය. එහිදි තවදුරටත් අදහස් දැක් වු ඔහු, “ චම්පික  රණවක මහත්තය කතා කරන්නෙ පසුගිය ආණ්ඩුවෙ හිටපු නැති කෙනෙකු විදිහටයි. චම්පික පසුගිය ආණඩුවෙ වග කිවයුතු…

Read More