බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්

senaka

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය තුල ඔවුන්ට මනුෂ්‍යයෙකු ලෙස සැලකුම් නොලැබෙන බවද ඒ මහතා කියා සිටියි. බන්ධනාගාර තුල මේ වන විට ඝාතන රැසක් සිදු වුවද මේවාට වැරදිකරුවෙකු තවමත් නොමැති බව පෙන්වා දෙන ඔහු ආසන්නතම උදාහරණයට ගත්තේ පහුගිය වසරේ සිදු වු…

Read More

ෆේස්බුක් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social

donal trump

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය.

Read More

ෆේස්බුක් නම වෙනස් කිරීමට යයි

fb

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් ලෙස සැලකෙන ෆේස්බුක් හි නම වෙනස් කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ෆේස්බුක් ප්‍රධානී, මාර්ක් සකර්බර්ග් ඒ සම්බන්ධයෙන් ලබන 28 වනදා හෙළිදරව් කිරීමට නියමිත බව වර්තා වෙයි.

Read More

මැරෙන ඒක ලේසි නැහැ – ආදාහනාගාර ගාස්තුත් 2000කින් ඉහළට

adahanagara

ගෑස් මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග ආදාහනාගාර ගාස්තුද ඉහළ නැංවීමට ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් පියවර ගෙන ඇත. මෙතෙක් ආදාහන ගාස්තු ලෙස රුපියල් 8000ක් අය කළ අතර මිල වැඩිවීමත් සමග එය 10000 ක් 11000ක් දක්වා ඉහළ ගොස් ඇත.  

Read More

ලංකාවේ ප්‍රථම සයදරු උපත කොළඹදී

baby

ශ්‍රී ලංකාවේ ප්‍රථම සය දරු උපත අද (21) අලුයම කොළඹ ආසිරි පෞද්ගලික රෝහලේදී සිදු වී තිබේ. පිරිමි දරුවන් 3 ක් හා ගැහැනු දරුවන් 3 ක් ලෙස මෙම උපත සිදුව ඇති අතර අද අලුයම 12.16 – 12.18 අතර කාලය තුළ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරු උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ එකවර දරුවන් 6 ක් මවක විසින් බිහිකරනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. ලෝක මට්ටමේදී වෛද්‍ය වාර්තා පොත් අනුව එවැනි අවස්ථා 18 ක් ගැන සඳහන්වේ. දරුවන් 6 දෙනාම නිරෝගීව ලබාගැනීම මෙවැනි සැත්කම්වලදී අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

Read More

වප් පෝය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහ සෙනඟක්

වප් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියහ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු එළැඹි පළමු පෝය දින මෙය වේ. වසංගත තත්ත්වය පහව ගොස් රටට ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් සැදැහැවතුන් ආගමික වතාවත්වල නිරතවූහ. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෛනකිව සිදුකරන තේවා රාජකාරියන්ට අමතරව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිල් සමාදන්වීම ඇතුලු ආගමික වතාවත් සිදුකිරීම දළදා මාලිගා චතුරස්‍රයේදී සිදුවිය. පෙරවස් සමාදන් වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කිරීම සිදු කෙරෙන්නේ ද වප් පොහොය දිනයේදීයි. නදීක දයා බණ්ඩාර…

Read More

මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි

palama

මාකදුර සිනිපැල්ල හරහා මුලටියන ප්‍රධාන මාර්ගයේ මාරගොඩවත්ත හංදියෙන් දිද්දෙනිපොත දක්වා වැටී ඇති මාර්ගයෙහි ඇති මාරගොඩවත්ත පාලම මරු කටක් වී ඇතැයි ජනතාව පවසති. වසර 40කට වඩා පැරණි මෙම පාලම ත්‍රිරෝද රථයකට පමණක් යා හැකි පටු පාලමක් වුවත් මේ පාලම මතින් අත් ට්‍රැක්ටර් ගමන් කිරීමේ දී ටේලරය ඇඳි සමඟ ගැටීමෙන් මෙහි එක් පසෙක ඇන්දක් කඩා වැටී ඇති අයුරු දැක ගත හැකිය. මේ මාර්ගය ප්‍රධාන මාර්ග දෙකක් යා කරන මාර්ගයක්. මේ මතින් දිනකට පාසල් ළමයින් ඇතුළු විශාල පිරිසක් ගමන් කරනවා. මෙතැන ගැඹුර අඩි 30 කට වැඩියි. සුළු ගංවතුරකදී පවා මෙම පාලමට උඩින් වතුර…

Read More

හැටන් පාසල් 74 ක කටයුතු අද යළි අරඹයි.

school

හැටන් අධ්‍යාපන කලාපයේ සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් 74ක් අද ( 21) දින  යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. ශ්‍රිධරන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ශ්‍රිධරන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් වසා දැමුනු පාසල් අතරින් සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද (21)  දින යලි ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ නගර, ග්‍රාමිය, වතු ආශ්‍රිත පාසල් 74ක් යලි ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත්ය. එම තත්වයන් මත හැටන් අධ්‍යාපන කලාපයේ ද්‍රවිඩ මධ්‍ය…

Read More

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට

srilanka-a

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබී පළමු කණ්ඩායම බවටද ශ්‍රී ලංකාව පත් විය. ශ්‍රී ලංකාව – 171/7යි. (ඕවර 20) වනිඳු හසරංග 71, පැතුම් නිශ්ශංක 61 (ජෝෂුවා ලිට්ල් 23/4, මාර්ක් අඩෙයාර් 35/2) අයර්ලන්තය –…

Read More