හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්

powerc-cut1

හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇත. එමෙන්ම රාත්‍රී කාලයේදී සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා E,T,U,V,W යන කලාප සඳහා…

Read More

“ransomware” ප්‍රථම ප‍්‍රහාරය ජපානයට

ransomware

සයිබර් ප‍්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සයිබර් ප‍්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී. සබැඳි පුවත්   රුසියානුවන් “ransomware” ප්‍රහාරයකට සැරසෙයි

Read More

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක්

යුක්‍රේන අර්බුදය හමුවේ බටහිර රටවල හා යුරෝපා රටවල ක්‍රියාකලාපය මගින් රුසියාව උදහසට ලක් කර තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙස රුසියාව, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමය වෙත ප්‍රභල අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ අනුව රුසියාව පවසන්නේ යුක්‍රේනයේ පවතින යුදමය තත්ත්වයට මැදිහත්වී යුක්‍රේනයට සහය දැක්වීමෙන් අත්විදීමට සිදුවන බරපතල ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද නොවන ලෙසයි. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ යුරෝපා සංගමයට අයත් රටවල මෙම ක්‍රියාකලාපය හමුවේ එම රටවලට ද ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව හා යුක්‍රේනයේ ඇතිවන බරපතල තත්ත්වයන්ට ද වගකීම භාර ගැනීමට එම රටවලට සිදු වනු ඇතැයි රුසියාව අවධාරණය කළා.…

Read More

තවත් තහනම් බෝම්බ වර්ගයකින් රුසියානුවන් පහරදෙයි

Vacuum 'bombs

රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. ‘රික්තක’ බෝම්බ, ‘තර්මෝබැරික්’ එසේත් නැතිනම් ‘උෂ්ණත්ව බෝම්බ’ ලෙස ද හැඳින්වෙයි. මේවා පුපුරා යන්නේ අවට ඇති ඔක්සිජන් උරා ගනිමිනි. එසේ උරා ගනිද්දී රික්තයක් නිර්මාණය වෙයි. ජිනීවා සම්මුතියට අනුව, මෙවැනි රික්තක බෝම්බ යුද සංග්‍රාමවලදී භාවිතයට ගැනීම තහනම් බව ද පැවැසෙයි.

Read More

දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා සිය දිවි හානි කරගනී

death

දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය. ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිව්දරු පියෙකි.

Read More

5 වැනි දායින් පසු විදුලි කප්පාදුව නතර වෙයි?

power-cut

ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

Read More

රුසියානුවන් මහද්වීපික බැලස්ටික් මිසයිල යුද්දයට කැදවයි

අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා තහවුරු කළේය. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන ඇතුළත් වේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉරිදා නිකුත් කරන ලද නියෝගයට අනුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

Read More

ලොවටම තහනම් පොකුරු බෝම්බ රුසියානු හමුදාව යුක්රේන ඉලක්ක වෙත දමයි

pokuru

යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා. රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ කරනු ලැබූ ඔස්ලෝ සම්මුතියට අනුව පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම වෙනුවෙන් 2020 ජුලී මාසය වන විට ලොවපුරා රටවල් 120ක් අත්සන් තබා තිබෙනවා.

Read More

මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි. ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය. එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර…

Read More

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර

protect

ගෘහස්ථ කම්කරුවන් සදහා බලපාන විවිධ ප්‍රශ්න සදහා විසදුම් ලබා දිමට කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු ඇමති නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපතිනි කරුපයියා මෛත්‍රිලි මහත්මිය පවසයි. හැටන් ප්‍රොටෙක්ට් සංගම් කාර්යාලයේදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. ප්‍රොටෙක්ට් සංගමය ගෘහස්ථ කම්කරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ නෛතික රැකවරනයන් පිලිබදව සොයා බලන සංගමයක් මේ වන විට මේ ගෘහස්ථ කම්කරුවන් සමාජ රක්ෂන ක්‍රමයක් හෝ යහපත් රැකියා කොන්දේසි අහිමිපිරිසක් බවට පත් වෙලා. ලෝක කම්කරු සංවිධානය විසින් සම්මත කොට ඇති අයි. එල්. ඕ. සී 189…

Read More