යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට යුක්රේන හමුදාව සමත් විය. ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි.
Read MoreDay: March 8, 2022
අත්‍යවශ්‍ය ඖෂධ හිගය දරුණු වෙයි
රටපුරා බොහොමයක් රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි. හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ මෙසේ හිඟතාවයක් ඇතිව තිබේ. ඉදිරි සති දෙක කාලයේදී රජයේ රෝහල්වල ඖෂධ හිගය තවදුරටත් දරනු වනු ඇතැයි ද වාර්තා වෙයි.
Read Moreයුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක්
යුක්රේනය නිවේදනය කළේ රුසියානු ආක්රමනයට එරෙහි සටනේදී යුක්රේනයේ සහයට රටවල් 52 කින් 20,000 ක් තම රටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි. රුසියාවේ, යුක්රේන ආක්රමණයේ 13 වන දිනය වන අදත් තවදුරටත් දෙපාර්ශවයේ හමුදා අතර දරුණු ගැටුම් පවතිනවා. යුක්රේන ජනාධිපතිවරයා කිව් අගනුවර සිය කාර්යාලයේ සිට වීඩියෝවක් හරහා ජනතාව අමතා පවසා ඇත්තේ තමා කිසිවෙකුටත් බිය නොවන බවයි. එමෙන්ම යුක්රේන හමුදා ශක්තිමත්ව සිටින බවත්, ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
Read Moreප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?
ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම යන කරුණු හරහාය. මෙම යෝජනා තුල විවෘත ආර්ථිකය මෙසේ හඳුනාගෙන ඇත. “විශේෂයෙන්ම 1977 න් පසුව විවෘත ආර්ථිකය නමින් සිදුකල අගතිගාමී ප්‍රතිසංස්කරණ විසින් අප ජාතිය මෙම අර්බුදය දක්වා තල්ලු කර ඇති බව පිළිගැනීමෙන් තොරව…
Read Moreඩීසල් පෝළිම දිගු වෙයි
තම රථ වාහනවලට ඩීසල් ලබා ගැනිම සදහා 07වන දිනද හැටන් නගරයේ රථ වාහන පෝළිමේ නවතා ඇති අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ ඩීසල් ලබා ගැනිම සදහා තමන් දිගු කාලයක් මෙසේ පෝළිම්වල රැදි සිටින බවත්ය. ඉන්දන හල්වලින් බුලිවලට ඩිසල් ලබා ගන්නා සමහර පිරිස් එසේ ලබා ගන්නා ඩිසල් අධික මිල ගනන්වලට විකිනිම සිදුකරන බවත් මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශය තුල ඩිසල් මාපියාවක් නිර්මාණයවි ඇති බවද ඔවුන් පවසති. සමහර පිරිස් මෙසේ රැගෙන එනු ලබන බුලී සදහා ඩිසල් ලබා දිම දිම සිදු කිරිමත් සමග…
Read Moreපාරේ සුදු ඉරි අදින්න මිල වැඩිම ටෙන්ඩරයකට අනුමැතිය
ප්‍රධාන පෙලේ මාර්ගයක සුදු ඉරි ඇඳීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අඩියක් රුපියල් අටකට පින්තාරු කිරීමට ඉදිරිපත් වූ ටෙන්ඩරය නොසලකා හැර අඩියක් රුපියල් තිස් දෙකකට පින්තාරු කිරීමට අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. අඩියක් රුපියල් තිස් දෙක ගණනේ පින්තාරු දීමට භාරගත් ආයතනය නැවතත් අඩිය රුපියල් අට බැගින් පින්තාරු කිරීම සඳහා උප කොන්ත්‍රාත් කරුවකුට භාරදී ඇති බව ද වාර්තා වෙයි. කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති ආයතනය ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතෙකුගේ යයිද සදහන්ය.
Read Moreරුසියාවේ සතුරු රටවල් ලයිස්තුව ප්‍රකාශයට – ශ්‍රී ලංකාවත් ඇතුලත්ද?
රුසියාවට සතුරු රටවල් සේ සලකන රටවල් ලයිස්තුවක් රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් එලි දක්වා තිබේ. එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. සතුරු රටවල් ලයිස්තුව මෙන්න. ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සියලුම රටවල් එක්සත් රාජධානිය යුක්රේනය මොන්ටිනීග්‍රෝ ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව ඇන්ඩෝරා අයිස්ලන්තය මොනාකෝ රාජ්‍යය නෝර්වේ රාජ්‍යය සැන් මැරීනෝ උතුරු මැසිඩෝනියාව ජපානය දකුණු කොරියාව ඕස්ට්‍රේලියාව මයික්‍රොනීසියාව නවසීලන්තය සිංගප්පූරුව තායිවානය
Read Moreඩොලරය රුපියල් 230ක් වෙයි
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව පැවසීය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඒ අනුව විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවය.
Read Moreමත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්
ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල් ආනයනය අත්හිටුවා ඇත. නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 වැනි දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවද මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබේ.
Read More