kamapacket

කෑම පැකට්ටුවටත් ආණ්ඩුව කල දෙයක්

කෑම පැකට්ටුවක මිල රුපියල් 30 කින් හෝ 50 කින් ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. ඩොලරයේ අගය ඉහළ යෑමෙන් භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් අහාර මිල ඉහළ දැමීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සදඟන් කළේය.

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ
|

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ

ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ. මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින්  මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

මැතිසබයට ’’IOස’’ එයි

මැතිසබයට ’’IOස’’ එයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (11) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී ඉන්දීය තෙල් සමාගමේ ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත පෝස්ටරයක් වරින් වර ප්‍රදර්ශනය කරනු දැකගත හැකිවිය. පෝස්ටරයේ එම ලාංඡනයේ “I.O.ස” යනුවෙන් සටහන්ව තිබිණ.

bread

පාන් මිල නැවතත් ඉහළට

පාන්පිටි මිල රුපියල් 159 දක්වා මිල ඉහළ යාම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි. අද  පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් පස මිල තීරණය කරන බවද ඔහු කියයි.

Canadian-sniper
|

ලොව අංක එකේ ස්නයිපර්කරු “වාලි” යුක්‍රේනයට

ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්‍රේනයට ලැබි ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්‍රේන සටනට එක්වී සිටියි. ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද…

oil

ඉන්ධන මිල යළිත් ඉහළට

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා ඇත. ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. එම සමාගම පවසන්නේ දින 07 ක් තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 57 ක් දක්වා දෙවරක් අවප්‍රමාණය වීමෙන් ඉන්ධන ගොඩබෑමේ මිලට සෘජුව බලපා ඇති බවයි. ලෝක වෙළඳපොලේ ද…