රත්නපුර කළවාන ප්‍රදේශයෙන් නිව්මෝනියා රෝගීන් දැඩි වශයෙන් හමු වී තිබේ . මේ වන විට රත්නපුර රෝහලට රෝගීන් 50 කට වැඩි පිරිසක් ඇතුළත් කර තිබේ. මේ රෝගී තත්වය සදහා ඖෂධ රටේ පවතින බවත් මේ රෝගී තත්වයෙන් ආරක්ෂා වන ලෙසටත් මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.
Read MoreDay: June 16, 2022
IMF එකේ රයිස් මහත්තයා හා බඩේ බත්ටික
ජාත්‍යන්තර මූල අරමුදල ශ්‍රී ලංකාවට කෙතරම් මූල්‍ය පහසුකමක් ලබාදෙන්නේදැයි තවමත් අවිනිශ්චිත බව එහි ප්‍රකාශක රයිස් හෙවත් බත් මහතා විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙනේ. ලංකාවේ හෝම් ග්‍රෝන් සොලියුෂන්ස් හෙවත් ගෙදර වවාගෙන කන විසඳුම් ගැන දන්නා බව කියන එහෙත් එසේ ගෙදර වවන්නේ මොන විසඳුම්දැයි හරියට නොකියන පඬියෝ සිටිති. එහෙත්, අවසාන විග්රහයේදී රයිස් මහතාගේ අරමුදල අපට ණය නොදුන්නොත් බත් කන්න විදියක් නැති බව ඇත්තකි. ලංකාව පහුගිය කාලේ අනුගමනය කළ සරල ආර්ථික විද්‍යාව මෙසේය: ඔන්න ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගන්නවා. ඒවායින් මෙහේ එක එක ඉදිකිරීම් කරනවා. ඉදිකිරීම් කර්මාන්තය හා කොමිස් කර්මාන්තය ජයටම…
Read Moreසන්ධ්‍යා එක්නැළිගොඩ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ලෝක සමුළුව අමතයි
අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) 31 වැනි ලෝක සම්මේලනයේදී තම සැමියාගේ අතුරුදන්වීමට සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආරාධනා කර තිබුණි. ඇය කළ කතාවේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ. IFJ හි හිතවත් සගයනි, මෙම අවස්ථාවලබා දීම වෙනුවෙන් පළමුව මම ඔබට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. සන්ධ්‍යා එක්නැළිගොඩ වන මා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ සහ පුතුන් දෙදෙනකුගේ මවක් ලෙස ඔබට හඳුන්වා දෙන්න කැමතියි. අසාධාරණයට එරෙහිව සිය පෑන් සහ පින්සල් හසුරුවන නිර්භීත මාධ්‍යවේදීන් ඇති තරම් ශ්‍රී ලංකාවේ ඉන්නවා. තාඩන පීඩනවලට, අතුරුදන් කිරීම්වලට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත්…
Read Moreඅවසන් තෙල් නැව අද කොළඹට
ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 700 ක ණය පහසුකමට අදාළව ලැබෙන අවසන් ඩීසල් නැව අද (16) කොළඹට ළඟාවීමට නියමිතය. එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගෙන එනු ලබන අතර මෙහි අඩංගු ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Read Moreආරක්ෂක ඇමතිකම ජනාධිපති තියාගත්තාට කමක් නෑ
චීන ජනාධිපති ගෙන් රුසියානු ජනාධිපතිට දුරකථන ඇමතුමක්
චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සාකච්ඡා මාර්ගයෙන් යුක්රේන අර්බුදය විසඳීමට සියලු පාර්ශව කටයුතු කළ යුතු බවට චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.
Read Moreඑංජින් ධාරිතාව වැඩි සියලු කාර් සහ ජීප් තහනම් කරන්න යෝජනාවක්
වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. “අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා. වෙනත් වචනවලින් කිව්වොත් මේ වාහනයක් එක දවසකට වැය කරන තෙල් ප්‍රමාණයෙන් ත්‍රී රෝද රථයක් සතියක් දුවන්න පුළුවන්.“ මේ අතර තමන් මේ වන විට භාවිතා කරන්නේ 1500CC පුංචි කාර් රථයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
Read Moreභුමි තෙල් පෝලිම් කිලෝමීටර් ගණන් දිගුවෙයි
හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන හල සදහා නිසි ලෙස භුමි තෙල් නොලැබිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ගෑස් මෙන්ම භුමි තෙල්ද ලබා ගැනිමට නොහැකි විමෙන් තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. මෙම තත්වයන් තමන් දුකසේ සොයා ගන්නා මුදලින් තම නිවෙස්වල ආහාර සකස් කර ගැනිමටද නොහැකි තත්වයක් පවතින බවත් භුමි තෙල් ලැබෙතැයි අපෙක්ෂාවෙන් තමන් බොහෝ දිනවල අළුයම 4.00 පමන සිට ඉන්දන පිරවුම් හල අසල පෝලිමේ රැදි සිටින බවද එම පිරිස් පවසති. මනුර සුදත් සෙල්ලහේවා
Read Moreශ්‍රි නිග්‍රෝධාරාමයේ පොසොන් පෙරහැර
පොසොන් පුන් පොහෝය නිමිති කර ගෙන හැටන් ආරියගම ප්‍රදේශයේ ජනතාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද පොසොන් පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති සමස්ථ ලංකා සාම විනිසුරු පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් පිරිස හැටන් මල්ලිඅප්පුව සමන් දේවාල භුමියේදි පන්චශීලයේ පිහිට විමෙන් අනතුරුව එම ස්ථානයෙන් ගමන් ආරම්භ කල පොසොන් පෙරහැර නගරයේ විථි සංචාරය කිරිමෙන් අනතුරුව ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙත ගමන් කරන ලදි. එම පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා
Read More