අරගලයේ මවුවරුන් මානව හිමිකම් යයි

aragalaya

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කර තිබේ. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ මවුවරුන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ගොස් අදාළ පැමිණිල්ල භාර දී තිබේ. මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) ඔස්සේ ඉගෙනුම් හා රැකියා කටයුතු සිදුකිරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබූ බව පැමිණිල්ල භාර දීමට පැමිණි අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානයේ නියෝජිත ආචාර්ය අජන්තා පෙරේරා පැවසුවා ය. අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා අපහසුතා මධ්‍යයේ රැස්කර තිබූ ජල ටැංකි, ජල පෙරන උපකරණ, ඇඳුම්, පොත්පත්, ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ දෑ විනාශ කර තිබෙන බව ද පෙරේරා මහත්මිය සඳහන් කළා ය. ආරක්ෂක අංශ අරගල භූමියේ…

Read More

අගෝස්තු මැද මෙරට වෙන්න යන දේ

oil

අගෝස්තු මස මැද පමණ සිට මෙරටට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවයි. ‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් විදුලියට නැතුව ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා )…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට පණිවිඩයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ සඳහන් කර තිබෙනවා.

Read More

රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්

buukampana

පිලිපීනයේ ලුසෝන් දූපතේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, උතුරු පළාතේ රෝහලකට සහ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර මැනිලා අගනුවර හරහා ප්‍රබල කම්පන ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඩොලෝරස් නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ ගිනිකොන දෙසින් සහ කිලෝමීටර් 10ක් නොගැඹුරු ගැඹුරකදී සිදු වූ භූමිකම්පාවෙන් බරපතළ තුවාල හෝ මරණ පිළිබඳ තවම වාර්තා නොමැත. භූමිකම්පාවෙන් පසු ගොඩනැගිල්ල අර්ධ වශයෙන් කඩා වැටීමෙන් පසු අබ්රා පළාතේ රෝහලක පිරිස ඉවත් කර ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා IDU හෙළිකරයි

idu

ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි. ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි. ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත් සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ මහතා යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර…

Read More

ශ්‍රී ලංකාවට ගෝල 1-0 ක පරාජයක්

foodball

ඉන්දියාවේදී පැවැත්වුණු දකුණු ආසියානු ශූරතා 20 න් පහළ පාපන්දු තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක් ලැබීය. තරගයට හොඳ ආරම්භයක් ගෙනදුන් කණ්ඩායම් දෙකම පළමු අර්ධය තුළදී කරට කර සටනක නිරතවනු දක්නට ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය නිමාවට පත් වන විටදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම අවස්ථාවක් නොලැබිණි. තරගයේ දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ගෝලයක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත්විය.  

Read More

පළමු මාස හයේ විදේශ විනිමය ප්‍රේෂණ සියයට 51.6කින් පහළට

dolor

මේ වසරේ (2022) ජනවාරි සිට ජුනි දක්වා මාස හයක කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය සියයට 51.6 කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ (2021) මුල් මාස 06 තුළ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 3324.4 ක විනිමය ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී මේ වසරේ පළමු මාස හයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 ක් දක්වා පහත වැටී ඇත.  

Read More

පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

warning

පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය පස්ගුණයක් විතර ඉහළ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අපි වෙනදා විදියටම ඇන්ටිජන් පරීක්ෂණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල සිදුකරනවා නම්. කෙසේවෙතත් බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත විශාල වශයෙන් රෝගීන් ඉන්නවා. ඔවුන් රෝගීන් ලෙස තහවරු කරගැනීම…

Read More

පාස්කු පෙත්සම්වලින් රනිල්ගේ නම ඉවත් වෙයිද?

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීමට පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළේය. නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයින් සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ගොනුකර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මීට පෙර අධිකරණය හමුවේ විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

Read More