බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු !

vat

මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද , ප්‍රශ්නය තියෙන්නේ මේ දෙක ම එකවර කරන්නට යන විට ය. මේ ප්‍රශ්න දෙක ම බරපතළ ලෙස මතුවන්නේ රට මුහුණ දී තිබෙන දරුණු ආර්ථික ර්අබුදය හේතුවෙනි. එක පැත්තකින් කියන්නේ ජනතාව පීඩාවට පත්ව ඇති නිසා බදු වැඩි නොකළ යුතු බව යි. අනෙක් අතට කියන්නේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහනාධාර දිය යුතු බව යි. ආර්ථික ර්අබුදයෙන් දරුණු ලෙස…

Read More

ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි

go

අද ගොවියාට පොහොර නැහැ කියන්නේ ගොවියන් නොවෙයි ගොවි සමාගම්වල ඉන්න ගොවි මහත්වරුන් පිරිසක් මේ අය මයික් ඉස්සරහට ඇවිත් ඔහේ කියවනවා. හැටන් රොතස් සත්ව ගොවිපල නිරික්ෂනය කිරිමට 13වන දින පැමිනි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා එහිදි මේ බව පවසන ලදි.එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු මහින්ද අමරවීර මහතා අපි වගකිම් ගන්න විට ගොවියා හිටියේ කුඹුරේ නොවෙයි මහ පාරේ අද ඔය ගොවි මහත්වරුන් පොහෝර දෙන්නේ නැහැ කිවත් යුරියා හා එම්.ඕ.පි. බන්ඩි පොහොර අපි නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා බව වගකිමෙන් කියනවා. අල හා එලවළු ගොවින්ට අවශ්‍ය පොහෝරත් ලබන කන්නයේ සිට නිසි ලෙස…

Read More

විස්සයි20 ලෝක කුසලානය එංගලන්තයට

england-paks

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළේය. පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු 3ක් දවාගත්තේය. ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්…

Read More

බී.ළුණු , රතු ළුණු හා ලික්ස් මිල දැඩි ලෙස ඉහළට

beelun

ප්‍රදේශ කිපයකම මේ වන විට බී.ළුණු හා රතු ළුණු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයේ බීළුණු ක්‍රිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකටද රතුළුණු ක්‍රිලෝවක් රුපියක් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් මෙම තත්වයන් මත ලීක්ස් ක්‍රිලෝවක්ද රුපියල් 400 දක්වා ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ප්‍රදේශයේ වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ දේශීය බීළුණු…

Read More

අයවැය අද පාර්ලිමේන්තුවට

budget

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් මෙවර අයවැය සකස් කර ඇති බවය. සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති…

Read More

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

threwida-hamudawa

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ වේ. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී තිබේ. ඔවුන්ගෙන් යම් මුදලක් අයවිමට ඇත්නම් නිත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවිය යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. නිත්‍යානුකුලව යුද හමුදා රාජකාරිවලින් ඉවත් නොවී විශාල පිරිසක් මේ වන…

Read More