පහුගිය දවස් දෙකක් ගාල්ල මාතර ගියා. හයිවේ ගිහිං ගාල්ලෙන් මතුවුණාට පස්සේ මඟ දිගට ඕසෙට මාළු. බලයෝ කෙළවල්ලෝ හුරුල්ලෝ සාලයෝ ඉරටවල්ලෝ අලගොඩුවෝ හැමතැනම ලෑලි උඩ පීනනවා. ඒ අහු අස්සේ උදේ පාන්දර කෝල් කරපු අපේ මාළු කඩේ යාලු මාළු – ‘ගල් මාළු ඇවිත් තියෙනවා. කූරි අටක් තියේ. කිලෝ 04ක් විතර තියෙනවා එකෙක්ගේ. සේරම ඌරු හොටාලා’. ගල් මාළු කියන්නේ මම බලයට පස්සේ ආසම මාළු රස. ඔව්. ඒත් කරන්න දෙයක් නෑ මම ගෙදර නෑ. අරං තියලා කන්න ඕනී ජාතියක් නෙවෙයි ගල් මාළු කියන්නේ. සමහර දවසක බලපිටියට ගියාම පින තියේනම් ආර්නූල් ඇස් තියන් බලන් ඉන්න…
Read MoreDay: December 5, 2022
රනිල්ට පුලුවන් ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ තම නීඥය දිවියට වසර 50ක් සම්පූර්ණ වීම උත්කර්ෂවත් විදිහට සමරනු පෙනුනා. මේක මම ලියන්නේ ෂැංග්‍රීලා වල තිබුණ මේ උත්සවයට කීයක් වියදම් වුණාද? ඒක වියදම් කළේ කවුද? කියන එක අහන්න නෙවෙයි. (ඇත්තටම ජනමාධ්‍යවේදීන් ඒක අහන්න ඕනෑ / ඒක වෙනම කතාවක්) කොහොම වුණත් කවුරු මොනවා කීවත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ රටේ ජනාධිපති නැත්තං විධායකය. 21 කියලා එකක් ගෙනාවට ඒකේ ඇති දෙයක් නෑ. ඒනිසා අයෝමය බලයක් තියෙන අභිමතයට අනුව රිසි සේ ක්‍රියාත්මක වෙන්න පුලුවන් විධායක ජනාධිපති ඔහු. ඒනිසා ඔහුට පාරේ මේ පැත්තෙන් යන්න. පාරේ යනකොට ලයිසම අරං යන්න…
Read Moreසුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව දහස් ගණනක් අවතැන් විය.
Read Moreමධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි
ආණ්ඩුවට එක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව විසින් අනුමත කර තිබේ. ආණ්ඩුවේ තනතුරු ලබාගත් නිදහස් පක්ෂයේ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය දා තීරණය කරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගිය දා රැස්වු අතර එහිදී මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුමත කර තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්
ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය. ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ. මැතිවරණය පවත්වන්නේ නම් ජනවාරි 5ට පෙර එය අනිවාර්යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
Read More