යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්

නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ පසුගිය පැය 24 තුළදි පමණක් යුක්රේන හමුදා සාමාජිකයින් 220කට වැඩි පිරිසක් ඝාතනය කළ බවයි. එහෙත් දෙපාර්ශවය පවසන සංඛ්‍යාලේඛන මෙතෙක් තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 355ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 373ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 302ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා නවසීලන්ත පිලට ලකුණු 285ක අභියෝගයක් හිමිවිය.‍ නවසීලන්ත පිල තරගයේ අවසන් දිනය වන අද දිනයේ පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු…

Read More

ගෝඨාවාදීන්ගේ අවසන් සටන

මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම්  සමිති දැන් 15 දා වැඩ වරණ බව පමණක් කියති. මේ සියල්ල උපාය, උපක්‍රම වන්නට ද බැරි නැත. එසේ නැත්නම් තමන්ගේ හයිය ගැන ඇත්ත තක්සේරුව නිසා ද වෙන්නට පුළුවන. හැරී බැලු විට පෙනෙන්නේ මේ ගෝඨාභය බලයට ගේන්නට ක්‍රියාත්මක වූ…

Read More

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අප රටේ සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මානව හිමිකම් කොමිසම පවසන්නේ,එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ලී පොලු භාවිත කර ඇති බවට පැමිණිලි කිහිපයකින් චෝදනා එල්ල වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීමේ වගකීම දරණ ප්‍රධාන ආයතනය ලෙස, විරෝධතා දැක්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙම තත්ත්වය පරීක්ෂාවට ලක් කළ යුතු එකක් ලෙස තමන්…

Read More

රෝහල් රැසක අද (13) වැඩවර්ජන

වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තවදුරටත් තීව්‍ර කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කළේය. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ක්ෂේත්‍ර රැසක…

Read More

වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට මෙම ප්‍රදේශයන්ට වැසි පතිතවුවද එයින් මෙම ජලාශයේ ජල මට්ට දැඩි බලපැමක් එල්ලවි නොමැති බවත්ය. වැසි හේතුවෙන් මෙම ජලාශයට ජලය ගලා ආවද එයට වැඩි ජල ප්‍රමාණයක් ජල විදුලිය උත්පාදනය සදහා ලබා ගවන්නා බැවින් මේ වන විට මෙම චලාශයේ ජල මට්ටම පිටාර…

Read More