IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි. මේ දිහා අප බැලිය යුත්තේ ඉතා ම මැදහත් ස්ථාවරයක ඉඳලයි. ලංකාව වැටිලා තිබුණ වළේ හැටියට IMF පහසුකම නැතුව ලංකාවට මේ අර්බුදයෙන් එළියට ඒමක් ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. බැරි වෙලාවත් ඊයේ පැවැත්වුණු IMF විධායක මණ්ඩලයෙන් ලංකාවේ ණය පහසුකම අනුමත නොවුණා නම් තව කාලයකින්…
Read MoreDay: March 22, 2023
ගෝඨා සාස්තර අහපු ඥනක්කාගේ දුවගේ නිවසට හොරු පනියි
අනුරාධපුර ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ තිබු රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඥාන අක්කාගේ දියණියගේ සැමියා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු පොලීසියට සදහන් කර ඇත්තේ සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වන බවයි. එළඹෙන 23 වැනිදා පැවැත්වෙන කොළඹ මිතුරකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා කොළඹ බලා යෑමට ඇති බැවින් සිය…
Read MoreIMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල එකඟතා ලියැවිල්ල පරිලිමෙන්තුවේදී සභාගත කරනු ලැබීය. එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව නව ගමනකට යොමු වී ඇති බව ත් එහිදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව ත් ය.…
Read Moreජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක
ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.
Read Moreප්‍රබල භුමිකම්පාවක්
ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.
Read Moreනැවතත් තරංග – ඩිල්ෂාන් ගෙන් සුපිරි පිතිහරඹයක්
2023 ලෙජන්ඩ්ස් ශුරතාවය දිනා ගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් විය. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත් කරමින්. මෙවර ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වුනේ දෝහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ඒෂියා ලයන්ස් අබ්දුර් රසාක් කඩුලු 02ක් සහ තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගනු ලැබුවා. ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ඒෂියා ලයන්ස් පිල පන්දු ඕවර් 16.1 කදී කඩුලු 03ක් දැවී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවා. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක…
Read Moreරුපියල නවතින තැන
ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.
Read More