දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්
දේශපාලන පක්ෂ හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි. අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.