පාර්ලිමේන්තුව කටයුතු අත්හිටුවා හදිසි පක්ෂ නායක හමුවක්
පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. ඒ, හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම හේතුවෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙයි. එහි දී අද (23) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.