මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය නවතී
මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමක් හේතුවෙන් මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වැනිදා පෙරවරු 04.00 දක්වා එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසීය.









