weather

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වේ. ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමුකළ මට්ටමන පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

slparli
|

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය. මානව හිමිකම් කොමිසමට පත් කිරීම…

police

ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේයැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු…

tax

බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්

බදු ගෙවීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් සහිත වැඩපිලිවෙලක් සකසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම ක්‍රමවේදය සඳහා දැනට බදු අයකර ගැනීමේදී ඇති දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා සිටියි. රංජිත් සියඹලාපිටිය අමත්‍යවරයා…

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්
|

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. දැනට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ, නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.

පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

පොසොන් උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ද යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතව ඇත….

ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්

ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්

2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 ) නිවේදනය කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ. තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන…

රජයෙන් අපට පිහිටක් නෑ…බතක්, හොද්දක් ඉදෙන්නෙ රෑට විතරයි

රජයෙන් අපට පිහිටක් නෑ…බතක්, හොද්දක් ඉදෙන්නෙ රෑට විතරයි

ඒ කතාව හදවතට මහ බරක් විය. සටහන් තබන තෙක් සිතට විසුමක් නොමැති විය. එහෙත් හදවත පාරවන මේ කඳුළු කතා පෙළ කන වැකී කෙටි කාලයක් ගත විය. දැනුදු දෙසවනේ දෝංකාර දෙන කුසගින්දරේ පිච්චෙන මිනිසුන්ගේ ඒ පීඩිත හඬ කන වැකුණේ සේරුවාවිල සිංහල ගම්මානවල සංචාරය කරන මොහොතේ දී ය. නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්…

ඩිජිටල් උප්පැන්න සහතිකය ළගදීම

ඩිජිටල් උප්පැන්න සහතිකය ළගදීම

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසයි. තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

weather in today

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එහි සඳහන්. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි…