22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතියද හිමිවුණි.

ඉහළ යන උද්ධමනය කළමණාකරණය කිරීම සදහා මුදල් අච්චු ගැසීම ලබන වසරේ මුල සිට නතර කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ප්රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වැට් සංශෝධනයේ ආදායම අගෝස්තු මාසයේ අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. කෙසේවෙතත් රජයේ ආයතනවල ආදායම මාධ්‍ය ආයතනවල ආදායමට වඩා අඩු බවයි…

ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.

හෙට (30) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ඓOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ඉන්ධන පිරවුම්හල් සියල්ල පහතින් දැක්වේ.

සියලු වෙළඳ භාණ්ඩ වල ඇසුරුමේ උපරිම සිල්ලර මිල බර පරිමාව නිෂ්පාදන දිනය සහ ඇසුරුම් කළ දිනය නිෂ්පාදකයාගෙන් නම ලිපිනය ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත .මෙය ජූලි මස 28 වන දා සිට බලපැවැත්වේ.

දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි. ඩොලරය ඉහළ යාම පාලනය කරගැනීම සඳහා මෙලෙස…

මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින්…

යහපාලන රජ්‍ය ක්‍රමය ප්‍රතික්ෂේප කර ආසියාවේ ආශ්චර්ය වෙත යන්නට පිය නැඟුවේ සෞභාග්‍යයේ දැක්මද අතේ තබා ගනිමිනි. ඒ සඳහා රටේ සැලකිය යුතු ජනතාවක් ඒකාවන්නව පෙළ ගැසුනේය. ඊට මහගු දායකත්වයක් අපේ ගරුතර සංඝරත්නය විසින් ලබා ලබා දුන් අතර, ඒ හා සමාන දායකත්වයක් ව්‍යාපාරිකයින්, ජනතා කලකරුවන්, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද, රාජ්‍ය සේවකයින් ද ලබා දෙන ලදී….