දිස්ත්‍රික් 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා සදහන් කලේ ගංගා කිහිපයකම ජලමට්ටම් මේ වන විට ඉහළ…
වැට් බද්දේ වැඩි බර පහළ ආදායම් ලාභීන්ටයි
වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සන්දේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි. එම පිරිසේ ආදායමේ ප්‍රතිශතය අනුව බදු බරෙහි වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට සිදුවනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි….
සත්වෝද්‍යාන වල සිටින සතුන්ට ආහාර නොමැතිවෙයි
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි. විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි…
අධික වැසි හේතුවෙන් බොහෝ පිරිසක් දුෂ්කර තත්වයන්ට පත්වෙයි
දිවයින්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. පවතින මෙම වැසි තත්වයන් මත තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර එදිනෙදා ජිවත් විමට යම් මුදලක් සොයා ගැනිමද දුෂ්කර තත්වයන්ට පත්ව ඇති බව කුලි වැඩ කරන පිරිසක් පවසති. පදික වෙලදුන් පිරිසක්ද මෙම තත්වයන් පිලිබදව පවසනුයේ පවතින වැසි…
පහත් බිම් රැසක් යටවෙයි
දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. කළුතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන තව වාරෂාව හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන 5.45 වන විට විවෘත කර ඇති බව බුලත්සිංහල…
මෙරට ආර්ථිකය නංවන්න බොරිස් ජොන්සන් පොරොන්දු වෙයි
අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකතනය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයන ප්රමුඛ කර ගත් ආර්ථිකයක් බවට…
ඉදිරි දිනවලදී තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ…






