මධ්‍යම කදුකරයට අධික වර්ෂාව
මධ්‍යම කදුකරයේ පටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11යි…
බේකරි 2,000 ක් වැසෙයි – ඉදිරියේදී බේකරි පෝලිම්
දිවයින පුරා බේකරි 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.
කොළඹ ආරක්ෂාව ගැන නියෝගයක්
අරගලකරුවන්ගේ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ගේනවා
පාර්ලිමේන්තුවේ බලතල වැඩි වන යෝජිත 21 වැනි සංශෝධනයෙන් පමණක් සෑහීමකට පත් නොවී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන අලුත් ක්‍රමයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ බලය දුර්වල කර විධායකය අත්පත් කර ගත් බලතල යළි පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කෙරෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) විශේෂ…
වැසි තත්ත්වයේ වර්ධනයක්
අද දින සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී….
මානුෂිය ආධාර නුවරඑළියේ ජනතාවට බේදාදෙයි
ඉන්දියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම…
තෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ ඇත. ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි. මෙරට ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් තරමක් අඩු වී ඇති බව…
අපි මාංශ භක්ෂක වෙමු – වල් ඌරා – තලගොයා ජන සතු කරමු
හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික…








