කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් ජල විදුලි බලාගාර සදහා ජලය සැපයෙන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 26වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා 14 අගල් 01 පහලින් පවතින බවත්…









