මිරිහාන විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥයන් 300කට අධික පිරිසක් එක්වෙයි
ඊයේ රාත්රියේ මිරිහාන ප්රදේශයේ පැවති මහජන විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් ශ්රී ලාංකික නීතීඥයින් 300කට අධික පිරිසක් මිරිහාන පොලිසියට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට නීතිඥවරුන් තම සේවය නොමිලේ ලබා දී ඇති බව වාර්තා වේ.








