තරුණයකුට එල්ලා ගැසූ පොලිසියේ දෙදෙනා වැරදිකරුවෝ වෙති
අමානුෂික ලෙස පහර කෑමට ලක්වූ තරුණයකුට රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට ඊයේ (22) නියෝග කළේය. 2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැමිණිලිකාර තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන එල්ලා සිදුකළ අමානුෂික ලෙස පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කළ…









