තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මහතා ඉවත් කිරීමට පිරිසක් සූදානමින් සිටින බවකි. කෙසේවෙතත් අද දින ඒ මහතා ඉල්ලා අස්වී ඇත.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මහතා ඉවත් කිරීමට පිරිසක් සූදානමින් සිටින බවකි. කෙසේවෙතත් අද දින ඒ මහතා ඉල්ලා අස්වී ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි . මීට ප්‍රථම…

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාටයි. තමාට හදිසියේ උණ ගැනීම නිසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුවූ අවස්ථාවේදී කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වූ බවයි සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සඳහන් කළේ. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට යොමු වන්නයි මන්ත්‍රීවරයා තමා සමග පසුගිය දිනවල සමීප වූ…

සිල්ලර වෙළදපලේ එළවළු මිළ සියයට සියයකින් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයෝ පවසති. තොග වෙළදපලට එළවළු තොග සැපයුම සියයට 30න් පමණ පහළ යාම සිල්ලර වෙළදපලේ එළවළු මිළ ඉහළ යාමට බලපා තිබෙන බව පවසති. තොග වෙළදපලේ රුපියල් 200ක් වූ බෝංචි කිලෝවක් සිල්ලර වෙළදපලේ රුපියල් 450ක් දක්වා ඉහළ දමා තිබූ අතර රුපියල් 280ක් වූ මාළු මිරිස් කිලෝවක් රුපියල්…

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට ආසන්න මුහුදේ නවත්වා තබාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව නෞකාව දෙවුන්දරට මුහුදු සැතපුම් 12ක දුරින් නවත්වා අවශ්‍ය වරායකට ඇතුල්විය හැකි ලෙස තබාගෙන ඇති බව දැනගන්නට තිබේ. මෙම නෞකාවේ පර්යේෂණවලින් අසමත් වූ පොහොර මෙට්‍ර්ක් ටොන් 20000කට…

අදින් ඇරඹෙන ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද පැහැදිලි කිරීමක් කළේය. “පන්තියක ළමයි 20ක් නම් හැමදාම එන්න, 21- 40 කොටස් දෙකකට බෙදා දිනක් හැර දිනක් පවත්වන්න. මුල්ම දවස් තුනේ ක්‍රියාකාරකම් සිදුකරයි. එසේම නිල ඇඳුම් භාවිත කළ නොහැකි තත්ත්වයෙන් පවතී නම් පාසලට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සිසුන්ට…

කොරෝනා රෝගයේ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන කළ අධ්‍යයනයකින් කොවිඩ් -19 මිනිස් මොළයේ රුධිර නාල වලට බලපෑම් කළ හැකි බව යුරෝපීය විද්‍යාඥයින් සොයාගෙන ඇත. ප්‍රංශ, ස්පාඤ්ඤ හා ජර්මානු විද්‍යාඥයින්ගේ පර්යේෂණයකින් බ්‍රහස්පතින්දා නේචර් නියුරෝ සයන්ස් නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණේ පෙනහළු වලට පහර දිමට අමතරව එම වෛරසයට සමහර මොළ සෛල විනාශ කිරීමට ද හැකි බවයි. ඒවා…

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය . පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරඟය අද (24) බංග්ලාදේශය සමග සවස 3.30ට පැවැත්වෙයි. මේ අතර මෙවර තරගාවලියේ සුපිරි වටය ඊයේ (23) ආරම්භ විය. සුපිරි 12 පළමු තරගයේ ජය ඔස්ට්‍රේලියාව ලබා ගත්තේය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ ඊයේ (23) පැවති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට එංගලන්තය සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ…

ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි. පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි. පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…