සංචරණ සීමාවන් ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ
මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි 14 වනදා අලුයම 4.00 තෙක් දීර්ඝ කර තිබෙනවා. මීට පෙර තීරණය කර තිබුනේ දැනට පවතින සංචරණ සීමා එළඹෙන 07 වනදා අලුයම 04.00 ට ඉවත් කිරීමටයි. ඒ, සම්බන්ධයෙන් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කරුණු දැක්වූයේ මෙලෙසයි.









