වෙනත් රටවල වරායන් ප්‍රතික්ෂේප කළ නැවක් කොළඹ වරායට රැගෙන ඒමට ඉඩ දුන්නේ ඇයි?
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගැටළු සහගත තත්වයක් ඇති නැවක් මෙරට මුහුදු තීරයට ගෙන ඒම වරදක් බවයි. වෙනත් රටවල වරායන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නෞකාවක් මෙසේ ගෙන්වූයේ කුමන හේතුවකටදැයි ගැටළුවක් පැන නගින් බවත් මෙම කටයුත්තේදී වරාය අධිකාරිය අනවශ්‍ය ප්‍රශ්නයක් ඇඟේ දමා ගැනීමක් පෙනෙන්නට ඇතැයිද…
කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්
රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් මධ්‍යස්ථානයක් වෙයි
තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය හා රම්බඩ තොණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානය කොවිඩ් 19 අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන සදහා ලබා දිමට වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතාගේ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ. අරුල් මහතා පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වයන් හමුවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන්ට…
චන්දිමාල්ටයි පියුමිටයි වැඩ වරදී
සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ. මේ අතර එම සාදයට පුද්ගලයින් 25-30ත්…
පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්රජාතන්ත්රවාදයෙන් පළි ගැනීමක්ද?
ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් වූ කාලයක් විය. එහෙත් ඒ සංස්කෘතිය කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණේය. එහෙත් අළු යට ගිනි…
සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…
විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින්…
අහ්නාෆ් ජසීම් – නිහඬ කළ කවියා
“දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර නැතිව දුර්වල වුව ද, රෝගයන්ගෙන් පහර කෑව ද අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු” – අහ්නාෆ් ජසීම්ගේ නවරසම් (හැඟීම් නවයක්) ග්‍රන්ථයේ, ‘තන්නීර් (ජලය)’ කාව්‍යයෙ…
වෙළෙඳ ශේෂ හිඟය නැති කිරීමේ ප්‍රහාරාත්මක ප්‍රතිපත්තිය
රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි සහගත ශේෂයක් ලෙසද ආනයන අපනයන වලට වඩා වැඩි නම් අවාසි සහගත ශේෂයක් ලෙසද දක්වනු ලැබේ. මෙය බොහෝවිට රටක දල දේශීය…
පොලිස් රාජකාරි හා මාධ්‍ය සංදර්ශණ
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ ඒක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත්…








