පානමේ සැරි සරමු
නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එක හමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වඟුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා. ලාහුගල තමයි…









