14 දෙනෙකු මරුට – රිය අනතුරු 121ක්
ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ (14) දිනය තුළ රිය අනතුරු 121 ක් සිදුව තියෙනවා. මෙම අනතුරුවලින් 14 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තුවාල ලැබූ පිරිස 74 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. දින හතරක් තුළ රුපියල් මිලියන 135ක් අධිවේගී මාර්ග වලින් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග…

හෙට (14) දිනයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවන අතර හෙට පුර්වභාග 2.23ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍යකාලය අද (13) අපරභාග 8 පසු වී විනාඩි 09 සිට පසුදින පූර්වභාග 8.57 දක්වා ක්‍රියාත්මක බැවින් අද අපරභාග 8.09ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ආකාරයෙන් මෝටර් රථයක් පැදවූ රියදුරා සහ සෙසු සැකකරුවන් පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දක්ෂිණ අධිවේග මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස ගමන් කළ කාර් රථය පොලිස් භාරයට ගෙන රියැදුරුගෙන් සහ එම රථයේ හිමිකරුගේ පුත්‍රයාගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිසිය කළ දැනුම් දීමට අනුව ඔවුන් අධීවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය වෙත පැමිණ තිබුණා….

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා…

සිංහල හිංදු අලුත් අවුරුදු සැමරිම සදහා බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි පුද්ගලයකු පුද්ගලික බස් රථයක ගැටිමෙන් මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ සුපිරි වෙලද සැලක් අසලදි මෙම පුද්ගලයා බස් රථයේ ගැටිමෙන් මිය ගොස් ඇති බවත්ය. නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම අය…

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.

ලෝකයේ සියලු ධනවත් රටවල් දියුණු වුනේ විද්‍යාව මත පදනම්වය. මෑත කාලයේ මොන යම් හෝ හේතුන් පදනම් කරගෙන අප රටේ ආණ්ඩුවේ බලධාරීන් විද්‍යාව පිටුදකිමින් මිත්‍යාව ප්‍රවර්ධනය කරමින්, විද්‍යාත්මක සාක්ෂි නැතුව හෝ අභව්‍ය සාක්ෂි මත පදනම්ව රටේ ජනතාවට බලපාන වැදගත් තීන්දු තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස, පාම් තෙල් තහනම නිසි ක්‍රමවේදයකින් තොරව කරනු ලබන්නේ එය…